Local NewsNews

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ නම භාවිත කරමින් සිදුකරන ඊමේල් වංචාවක් ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂවරයාගේ නම ව්‍යාජ ලෙස භාවිත කරමින් මහජනතාව නොමග යවන සුළු විද්‍යුත් තැපැල් (E-mail) පණිවිඩයක් සංසරණය වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි. මෙම වංචනික පණිවිඩ යොමු කිරීම සඳහා noucinatacha20@gmail.com සහ police.cid.lk@gmail.com යන ලිපිනයන් භාවිත කර ඇති බව හඳුනාගෙන තිබේ.

මෙම ව්‍යාජ පණිවිඩවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස ශානි අබේසේකර යන නම සඳහන් කර ඇති අතර, එවැනි කිසිදු පණිවිඩයක් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර නොමැති බව පොලිසිය අවධාරණය කරයි. මහජනතාව රවටා මුදල් වංචා කිරීම හෝ පුද්ගලික තොරතුරු සොරකම් කිරීම මෙම ක්‍රියාව පිටුපස ඇති ප්‍රධාන අරමුණ බවට සැක කෙරේ.

එබැවින් මෙවැනි සැකකටයුතු පණිවිඩවලට ප්‍රතිචාර දැක්වීමෙන් හෝ පුද්ගලික තොරතුරු ලබා දීමෙන් වැළකී සිටින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙම වංචනික ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

Related posts

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ.

Maimoonar

මාලිමාව එපා වුනාම ජනතාව ඊළගට බලය දෙන්නේ අපටයි..- බත්තරමුල්ලේ සීලරතන හිමි

Maimoonar

IMF වෙතින් ඩොලර් මිලියන 200ක ආධාර ඉල්ලීම සලකා බලයි: ‘දිට්වා’ ව්‍යසනය හමුවේ ශ්‍රී ලංකාවට සහාය දීමට කැපවෙයි

Maimoonar