30.3 C
Colombo
August 6, 2026
Local NewsNews

ඌරගස්මංහන්දියේදී පියෙකු එල්ල කළ කැති පහරකින් 15 හැවිරිදි දියණියක් ජීවිතක්ෂයට

ඌරගස්මංහන්දිය, කුඩා ඌරගහ ඉනිමංකඩ ප්‍රදේශයේදී පියෙකු විසින් එල්ල කරන ලද කැති පහරකින් 15 හැවිරිදි පාසල් දියණියක් ඝාතනයට ලක්ව ඇති බව ඌරගස්මංහන්දිය පොලිසිය වාර්තා කරයි. මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කරන්දෙණිය ප්‍රදේශයේ පාසලක 9 වසරේ ඉගෙනුම ලැබූ දුල්මි සමායා සත්සරණි නමැති දියණියකි. මියගිය දියණියගේ මව විදේශගතව සිටින බවත්, නිවසේ රැඳී සිටි පියා සහ දියණිය අතර ඇති වූ ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

පොලිසිය සඳහන් කරන පරිදි, දියණිය නින්දට යන බව පවසා කාමරයට ගොස් කොට්ටයට යට සඟවාගෙන සිටි ජංගම දුරකතනයක් භාවිතා කරමින් සිටිනු දැක පියා දැඩි ලෙස කෝපයට පත්ව ඇත. එහිදී පියා විසින් කුරුඳු කැපීමට භාවිතා කරන කැත්තකින් දියණියගේ ගෙල ප්‍රදේශයට මාරාන්තික පහරක් එල්ල කර තිබේ. බරපතල තුවාල ලැබූ දියණිය වහාම ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇති නමුත්, ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇත.

සිය දියණිය ඝාතනය කළ සැකකාර පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. දරුවන් ජංගම දුරකතන භාවිතය සම්බන්ධයෙන් දෙමාපියන් තුළ පවතින දැඩි පීඩනය සහ පාලනය කරගත නොහැකි කෝපය මෙවැනි ඛේදවාචකයකට මග පාදා ඇති බව පෙනී යයි.

Related posts

පෙරහැරට ආ අලියා තරුණයෙකුට පහර දෙයි.. ඇත්ගොවුවා බීමතින්…

Maimoonar

ලබන ඉරිදාත් දේව මෙහෙයන් එපා – අගරදගුරු හිමියන් කියයි

Maimoonar

සුබ අරංචි එකට තව තොගයක් ජනපති කියයි.. ගැස්සුනොත් පාතාලේ…

Maimoonar