27.2 C
Colombo
February 19, 2026
Local NewsNews

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ මතභේදාත්මක කොටස් ඉවත් කර බෙදාහැරීමට පියවර

හයවැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලයේ අන්තර්ගත වූ නුසුදුසු කොටස් ඉවත් කර, එම පොත් පාසල් වෙත බෙදා හැරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ප්‍රකාශ කළේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සකස් කළ මෙම පොත්වල අදාළ දෝෂ සහිත කොටස් ඉවත් කිරීමෙන් පසු ඉදිරියේදී බෙදා හැරීම් කටයුතු සිදු කරන බවයි.

රුපියල් කෝටි 6කට අධික මහජන මුදලක් වැය කර මුද්‍රණය කරන ලද මෙම පොත් ලක්ෂ තුන හමාරක් (350,000) දැනට කොළඹ පිහිටි ගබඩාවල සුරක්ෂිතව පවතින අතර, ඉන් කිසිවක් මෙතෙක් පාසල් වෙත මුදාහැර නොමැති බව ලේකම්වරයා තහවුරු කළේය. නුසුදුසු කොටස් ඉවත් කිරීමෙන් අනතුරුව ඉතිරි කොටස බෙදා හරින අතර, ඒ සම්බන්ධයෙන් ගුරුවරුන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කිරීමට නියමිතය.

මෙම මොඩියුලයේ එක් පාඩමකට අදාළ වැඩිදුර තොරතුරු සෙවීමට ලබා දී තිබූ වෙබ් අඩවි සබැඳියක් හරහා සමලිංගික කටයුතු ප්‍රවර්ධනය වන බවට අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියන් විසින් මුලින්ම අනාවරණය කරන ලදී. මෙම ක්‍රියාව යම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය හැකි බවට සැක පළ කෙරෙන අතර, ඒ පිළිබඳව විමර්ශනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.

Related posts

විෂය නිර්දේශ ආවරණය නොකර 2023 උසස් පෙළ තියන්න එපා!..

Maimoonar

අන්තවාදී දේශන ඇතුළත් කැසට් පට 14ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Maimoonar

ඇගළුම් කම්හලේ තවත් 68කට කොරෝනා

Maimoonar