32 C
Colombo
February 19, 2026
Local NewsNews

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුව සම්බන්ධයෙන් රහස් පොලිසිය සහ බුද්ධි අංශ විමර්ශන අරඹයි

හය ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා ඉගෙනුම් මොඩියුලයට අනිසි වෙබ් ලිපිනයක් ඇතුළත් වීමේ සිද්ධිය හුදු අතපසුවීමකට වඩා සංවිධානාත්මක කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය හැකි බවට සැකකෙරේ. මෙම සැකය මත පදනම්ව රජයේ බුද්ධි අංශ මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක වේ. මෙම මතභේදාත්මක ප්‍රකාශනය සකස් කිරීමේ වගකීම දැරූ ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විදානපතිරණ මහත්මිය ඇතුළු උසස් නිලධාරීන් දස දෙනෙකුගෙන් ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශ ලබා ගැනීමට රහස් පොලිසිය සූදානමින් සිටියි.

මෙලෙස ප්‍රකාශ ලබා ගැනීමට නියමිත පිරිස අතරට අදාළ මොඩියුලයන්හි රචකයන් මෙන්ම ඒවායේ නිරවද්‍යතාව පරීක්ෂා කිරීමේ වගකීම පැවති අධීක්ෂණ නිලධාරීන් ද ඇතුළත් වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මූලික තොරතුරු රැස්කර ගැනීම සඳහා මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණ ඇති අතර, එහිදී ඔවුන් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් හමුවී කරුණු විමසා තිබේ.

පොලිස් පරීක්ෂණවලට සමාන්තරව අධ්‍යාපන අමාත්‍යාංශය ද අභ්‍යන්තර විනය පරීක්ෂණයක් වෙනමම ආරම්භ කර ඇති බව වාර්තා වේ. මෙම සිදුවීම පිටුපස ඇති සැබෑ තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා රජය දැඩි අවධානයක් යොමු කර ඇති අතර ඕනෑම වගකීම් විරහිත ක්‍රියාවකට එරෙහිව දැඩි පියවර ගැනීමට නියමිතය.

Related posts

ඇමරිකා බද්ද ගැන සියළු පක්‍ෂ එක්වෙයි.. ජනපති කාර්යාලයේ සාකච්චා…

Maimoonar

කිංස්ලි ආව ගමන් හොද තඩි ගොම්බෙට්ටක් අතෑරියා.

Maimoonar

ජනතාව වෛරසයෙන් මිය යමින් සිටින්නේ එන්නත්කරණය නොකල නිසා…

Maimoonar