NewsPolitical

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ දෝෂය පිළිබඳව දැඩි විනය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි

හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අදාළව මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මේ වන විටත් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය. මෙම විමර්ශනයෙන් අනතුරුව, අදාළ වරද සිදුකළ නිලධාරීන්ගේ තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට රජය සූදානම් බව හෙතෙම අවධාරණය කළේය. මීට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් සිදුකරන විශේෂ විමර්ශනය හරහා මෙම සිදුවීම පිටුපස ඇති සැබෑ තොරතුරු අනාවරණය කර ගැනීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විවිධ විෂයයන් වෙනුවෙන් මොඩියුල 106ක් මුද්‍රණය කර ඇති අතර, අනෙකුත් මොඩියුලවල ද මෙවැනි දෝෂ පවතින්නේ දැයි සොයා බැලීම සඳහා විශේෂ පරීක්ෂාවක් මේ වන විට ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත්, මේ දක්වා සෙසු කිසිදු මොඩියුලයක් සම්බන්ධයෙන් මෙවැනි පැමිණිලි වාර්තා වී නොමැති බව අමාත්‍යවරයා සහතික කළේය. දැනට ගැටලුවට ලක්ව ඇති 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ අන්තර්ගත නුසුදුසු කොටස් වහාම ඉවත් කර, ඒවා නිවැරදි කර යළි බෙදාහැරීමට අවශ්‍ය පියවර දැනටමත් ගෙන ඇති බව ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

යාපනයේ තිස්ස විහාරය ඉවත් කරන්නැයි විරෝධතා..

Maimoonar

සරසවි සිසුන් රැසකට ඡන්දය දීමට නොහැකි වේ..

Maimoonar

දිට්වා සුළිකුණාටුවේ බලපෑමෙන් 2026 ආර්ථික වර්ධන වේගය පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කෙරේ

Maimoonar