32 C
Colombo
February 19, 2026
Local NewsNews

වවුචර වෙනුවට දේශීය පාසල් පාවහන් ලබාදීමේ නියමු ව්‍යාපෘතිය අද සිට ඇරඹෙයි

අඩු සිසුන් සංඛ්‍යාවක් (250 ට අඩු) සහිත පාසල් සඳහා මීට පෙර ලබා දුන් පාවහන් වවුචර වෙනුවට, ප්‍රමිතියෙන් යුතු දේශීය පාවහන් සෘජුවම ලබාදීමේ නියමු ව්‍යාපෘතියක් අද (2026.01.01) ආරම්භ විය. මේ සඳහා වන අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරුණි. මෙම ගිවිසුම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ දේශීය පාවහන් නිෂ්පාදන සමාගම් 9ක් එක්ව සිටියහ.

මෙම නියමු ව්‍යාපෘතියේ විශේෂතා කිහිපයකි:

  • ආවරණය: බස්නාහිර සහ දකුණු පළාත්වල පාසල් 1,302 ක සිසුන් 150,521 ක් සහ පිරිවෙන් 354 ක ගිහි පැවිදි සිසුන් හා සිල් මාතාවන් 12,146 ක් මෙයින් ප්‍රතිලාභ ලබති.
  • ගුණාත්මකභාවය සහ මිල: නිෂ්පාදන සමාගම් වසරක වගකීමක් සහිතව එක් පාවහන් යුගලක් රුපියල් 2,100.00 ක සහන මිලකට ලබා දීමට එකඟ වී ඇත.
  • මූල්‍ය ඉතිරිය: මෙම ක්‍රමය හරහා රජයට රුපියල් මිලියන 140 කට ආසන්න මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
  • සෘජු සේවාව: තෝරාගත් නිෂ්පාදකයින් අදාළ පාසල් වෙතම ගොස් දරුවන්ට නිවැරදි ප්‍රමාණයේ පාවහන් ලබාදීමට (Sizing) එකඟ වී ඇත.

කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි දේශීය නිෂ්පාදකයන් දිරිමත් කිරීම සහ දරුවන්ට උසස් ප්‍රමිතියෙන් යුතු පාවහන් සහතික කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණයි. මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම්වරුන් වන තිලකා ජයසුන්දර මහත්මිය සහ නාලක කළුවැව මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Related posts

ජ’පුර සහ ඔක්ස්ෆර්ඩ් සරසවි විද්‍යාඥයින් කොවිඩ් 19 වසංගතයට එන්නතක් සොයන්න එක්වෙයි

Maimoonar

කොළඹ-ගම්පහ-කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට මැයි 4 දක්වා දිගටම ඇඳිරි නීතිය

Maimoonar

බස් එක නෑ.. ලොරියෙන් පාසැල් ගිය දරුවන් 13ක් ලොරි තට්ටුව කඩා වැටී රෝහලේ…

Maimoonar