29.8 C
Colombo
August 14, 2026
Local NewsNews

සාරා ජැස්මින් මියගොස් නැති බව තහවුරු වෙයි – ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කිරීමට රජය සූදානම්

2019 පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකාරියක වන ‘සාරා ජැස්මින්’ හෙවත් පුලස්තිනී මහේන්ද්‍රන් මියගොස් නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඇය මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින බවට මෙතෙක් නිශ්චිත තොරතුරක් ලැබී නොමැති වුවද, අවශ්‍යතාවයක් වුවහොත් ඇය අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තුවක් ලබා ගැනීමට රජය කටයුතු කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා, දැනට රැස්කරගෙන ඇති තොරතුරු පදනම් කරගනිමින් නීතිමය ක්‍රියාමාර්ග දැනටමත් ආරම්භ කර ඇති බව සඳහන් කළේය. මෙම ප්‍රහාරය පිටුපස කිසියම් දේශපාලන හෝ වෙනත් කුමන්ත්‍රණයක් පැවතියේද යන්න පිළිබඳව නව රජය යටතේ ඉතා ගැඹුරු සහ විධිමත් පරීක්ෂණයක් පවත්වනු ලබන බව ද හෙතෙම පැවසීය.

විමර්ශන කටයුතුවලට බාධාවක් විය හැකි බැවින්, දැනට අනාවරණය වී ඇති ඇතැම් සංවේදී තොරතුරු මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේ වෙතත්, පරීක්ෂණ නිසි පරිදි සිදුවන බවත්, වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බවත් ඔහු සහතික කළේය.

Related posts

අරක්කු අලෙවිය බහී.. කසිප්පු අලෙවිය සීඝ‍්‍රයෙන් ඉහලට..

Maimoonar

වසර 16කට ඊයේ හිරේ ගිය SM අදම ඇප ඉල්ලයි.. නිදොස් කර නිදහස් කරන්නැයි අභියාචනයක්…

Maimoonar

Corona : ඇමරිකාව භයානක වෙයි.. එක් දිනකදී මරණ 1000 පනී.. රෝගීන් ලක්‍ෂ දෙක පනී..

Maimoonar