27.8 C
Colombo
February 26, 2026
BusinessBusiness NewsLocal NewsNews

කොරියානු අලුත් රජය ශ්‍රී ලංකාව සමඟ සබඳතා ශක්තිමත් කිරීමට සූදානම් – කොරියානු තානාපති මියොන් ලී

නව කොරියානු රජය යටතේ ශ්‍රී ලංකාව සමඟ සමීප සබඳතා ශක්තිමත් කිරීමට සූදානම් බව, මෙරට කොරියානු තානාපති මියොන් ලී (Miyon Lee) මහත්මිය ප්‍රකාශ කළාය. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දි සනත් කුමාරනායක මහතා සහ තානාපතිනිය අතර ඊයේ (18) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති හමුවකදී ඇය මේ බව සඳහන් කළාය.

තානාපතිනිය වැඩිදුරටත් අවධාරණය කළේ, ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතා හඳුනාගෙන, ඒවාට සමගාමීව කටයුතු කිරීමට කොරියාව සූදානම් බවයි. ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමුඛතා සඳහා කොරියාවේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට ද ඇය සහතික විය.

මෙම හමුවේදී, කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (KOICA) අලුතින් පත් වූ නියෝජිතයන් ද ආචාර්ය කුමාරනායක මහතා හමුවී ඇති අතර, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන KOICA ව්‍යාපෘති කඩිනම් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ.

මෙම හමුවට ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ, KOICA ශ්‍රී ලංකා අධ්‍යක්ෂ යූලි ලී (Yooli Lee) සහ කොරියානු එක්සිම් බැංකුවේ කොළඹ කාර්යාලයේ අධ්‍යක්ෂ ඕ ජොන්ග්-තේ (Oh Jeong-tae) යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.

Related posts

නාය යෑමෙන් පුද්ගලයන් 10 මරුට..

Maimoonar

වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් සොයා අද සිට වැටලීම්

Maimoonar

විදුලි බිල වැඩි කළේ බොරුවට…

Maimoonar