Local NewsNewsPolitical

මුලින් යෝජනා වුනේ 08.00 සිට 04.00 දක්වා පාසල් පවත්වන්නයි…- අගමැතිනි…

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් කාලසීමාවක් විනාඩි 50 දක්වා දීර්ඝ කිරීමට උපදෙස් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළය.

ඇය මේ සඳහා හේතුව ලෙස පෙන්වා දෙන්නේ, ප්‍රතිසංස්කරණ යටතේ සිසුන් සඳහා වන ක්‍රියාකාරකම් වැඩි වී ඇති බැවින් ඒ සඳහා වැඩි කාලයක් අවශ්‍ය වන බවයි.

මුලින් පාසල් පැවැත්වීමේ කාලය පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා වෙනස් කිරීමට යෝජනා වී තිබුණත්, කාලය දීර්ඝ කිරීමේදී ඇතිවිය හැකි ගැටලු සලකා බලා පාසල් වේලාව පැය භාගයකින් පමණක් දීර්ඝ කිරීමට යෝජනා කර ඇති බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

මෙම පැය භාගයේ කාලසීමාව වැඩි කිරීමේදී ප්‍රවාහන අමාත්‍යාංශය ඇතුළු අදාළ සියලු සේවාවන් සමඟ සාකච්ඡා කර ඇති බවද ඇය කියා සිටියාය.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සිරස නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකදී මෙම අදහස් පළ කර තිබේ.

Related posts

ජනපති මානව හිමිකම් කඩකල බවට පැමිණිලි කෙරේ….

Maimoonar

ජනාධිපති අස්වුනා.. නව ජනාධිපති පත් කරනවා..- කතානායක නිවේදනය කරයි…

Maimoonar

ගුවන් හමුදා නිල ඇදුමක් සමග සැකකරුවෙක් ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට

Maimoonar