27.8 C
Colombo
February 26, 2026
NewsPolitical

තවත් පසු නොකර පළාත් සභා මැතිවරණයත් කැදවයි..

වසර කිහිපයක් තිස්සේ කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි.

පළාත් පාලන මැතිවරණයෙන් පසු ප්‍රතිඵලයත් සමඟ පළාත් සභා මැතිවරණය ද ඉක්මනින් පැවැත්වීමට අවධානය යොමුවී ඇත.

පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීම සඳහා අවශ්‍ය නීති සංශෝධන සඳහා දැනටමත් ආණ්ඩුව විසින් ක්‍රියාමාර්ග ගනිමින් ඇත.

ආණ්ඩු පක්‍ෂය අවස්ථා කිහිපයකදීම පැවසුවේ පලාත් සභා මැතිවරණයද හැකි ඉක්මනින් පවත්වන බවයි.

ඊට අවශ්‍ය නීති රීති පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමෙන් පසු ඒ අනුව පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වන බවත් පවසා තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරයේදීද පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමේ වැදගත්කම දෙරටේ ඒකාබද්ද ප්‍රකාශනයෙන්ද පැවසින.

මේ අතර තවත් අදහසක් වී ඇත්තේ දැනට පවතින ආකාරයෙන්ම පලාත් සභා මැතිවරණය නොපවත්වා පවතින ලෙසින්ම ඉදරියට යාමටයි.

Related posts

දරුවන් දින හතරක් හාමතේ කියා සහල් කිලෝ දෙකක් සමපෝෂ පැකට්ටුවක් සොරකම් කල අයෙක් අත්අඩංගුවට…

Maimoonar

මාව ගෙයින් එලියට ඇදල දැම්මා..- ඇමතිවරයෙක් පොලිසි යයි..

Maimoonar

සමාජ ජලා මතට VAT බද්ද.. එයත් පාරිභෝගිකයන්ගෙන්..

Maimoonar