27.8 C
Colombo
February 26, 2026
NewsPolitical

ඉන්දු ලංකා ගිවිසුමෙන් ලංකාව චීන විරෝධී යුද සන්ධානයකට.. චීනය, පකිස්තානය, බංග්ලාදේශය, නේපාලය එක්වෙති..

ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම හේතුවෙන් චීනය වහා ප්‍රතිචාර දැක්වීම ආරම්භ කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

මේ වන විටත් චීනය භංගලදේශය, නේපාලය සහ පාකිස්ථානය එක්ව ආරක්ෂක ගිවිසුමක් සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා කියා සිටියි.

වසර හැත්තෑ ගණනක් තිස්සේ ශ්‍රී ලංකාව කිසිදු රටක් සමග මෙවන් ආරක්ෂක ගිවිසුමක් එළඹ නැති බවද පැවසූ ඔහු මෙය ඉතිහාසයේ දරුණුතම පාවාදීමක් බවද පැවසුවේය.

මෙම ගිවිසුමට එළඹීමත් සමග චීනය විසින් ශ්‍රී ලංකාව ඉන්දු ඇමරිකා බල පාර්ශවීය රටක් ලෙස සැලකීම ආරම්භ කර ඇති බවද පැවසූ ඔහු ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා මෙම නව ආරක්ෂක සන්ධානය පිහිටුවීම ආරම්භ කර ඇති බවද පැවසුවේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කලේය.

Related posts

ළමයෙක් පාසලට ඇතුළත් කර ගැනීමට අල්ලස් ගත් විදුහල්පතිනිය අත්අඩංගුවට…

Maimoonar

15දා වන විට මුළු රටම අඩපණ කරනවා..- GMOA

Maimoonar

ජනාධිපති පත් වුනේ නොවැම්බරයේ.. මේ වනතුරු කිසිවක් කර නෑ.. කොරෝනා මඩින්නත් බැරි වුණා.. එනිසා ඡන්දෙන් අපි දිනනවා..

Maimoonar