Local NewsNews

සිසුවෙකුට පහර දුන්නේ යයි විදුහල්පති රිමාන්ඩ්…

පොලොන්නරුව ප‍්‍රදේශයේ පාසලක සිසුවෙකුට පහරදී ඔහුගේ එක් කනකට තුවාල සිදුකලේ යයි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයෙකු අධිකරණය විසින් ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

තමන්ට පාසල් වේලාවේදී පහරදී වද හිංසා කලේ යයි 17 හැවිරිදි මෙම සිසුවා විසින් සිදුකරන ලද පැමිණිල්ලක් මත විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබින.

පොලිස් පරීක්‍ෂණවලදී හෙලිව ඇත්තේ කොණ්ඩය කපා නොමැති බව හා කළු පැහැති මේස් පැළඳ පාසලට පැමිණි බවට චෝදනා කරමින් විදුහල්පතිවරයා මෙම පහරදීම සිදුකර ඇති බවය.

Related posts

60ට වැඩි දේශපාලඥයන් විශ‍්‍රාම ගත යුතුයි…

Maimoonar

IDH රෝහලේ සිටි තවත් ආසාදිතයෙක් දැඩි සත්කාර ඒකකයට

Maimoonar

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලට ගිය ක‍්‍රීඩිකාවක් හා නිලධාරියෙක් එංගලන්තයේදී පනී.. තවත් පනී යයි පාස්පෝට් එකතු කර ගනී..

Maimoonar