27.8 C
Colombo
February 26, 2026
Local NewsNews

පාස්කු බෝම්බ චෝදනාවට ගෝටාගෙන් ප‍්‍රකාශයක්..

පාස්කු ඉරිදා ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අසාත් මවුලානා විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල කර ඇති චෝදනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ මෙම චෝදනා සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවය.

‘කරුණාකර ජනාධිපති කොමිෂන් සභා වාර්තාව කියවන්න. CID නිලධාරීන් විසින් ලබා දී ඇති සාක්ෂි ඇතුළුව. ඒ වාර්තාවේ ඇති දේ හැර වෙන කිසිවක් මම දන්නේ නැහැ’ යයි ඔහු ඩේලි මිරර් පුවත්පතට පවසා ඇත.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ඇමති පිල්ලෙයාන්ගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් අසාත් මවුලානාගේ ප‍්‍රකාශයක් මත පරීක්‍ෂණ ක‍්‍රියාත්මක වෙයි.

පාස්කු ඉරිදා ප්‍රහාර විමර්ශනයේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන මවුලානා නුදුරුරේදීම ස්විට්සර්ලන්තයෙන් ගෙන්වා ගැනීමට නියමිතය.

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීම සදහා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ සුරේෂ් සලේ පිල්ලයාන් සමඟ එක්ව කටයුතු කළ බවට ඔහු චෝදනා කර ඇත.

Related posts

බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රුපියල් මිලියන 250ක මුදල් පරිත්‍යාගයක්

Maimoonar

ඩෙල්ටා වේගයෙන් රට පුරා පැතිරෙමින්… මාසයකින් පාලනය ගිලිහේවි..- ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි…

Maimoonar

අදානි සුලං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වෙයි.. නිල නිවේදනය මෙන්න..

Maimoonar