27.8 C
Colombo
February 26, 2026
Local NewsNews

අශෝක රන්වල තුට්ටු දෙකේ දුරාචාරියෙක්.. රැල්ලට ලැබුණු මන්ත්‍රිකම අතහැර ගෙදර යනු..- සුදා

කතානායක ධුරයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක රන්වල මහතා තමන්ට ආචාර්ය උපාධියක් ඇතැයි පවසා මාලිමා රැල්ලට පාර්ලිමේන්තුවට පැමිණි අයකු බව රංගන ශිල්පී සුදත්ත තිලකසිරි මහතා පවසයි.

ඔහු විසින් පවත්වාගෙන යන අන්තර්ජාල නාලිකාව ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් හෙතෙම පවසන්නේ තමනට නොමැති ආචාර්ය උපාධියක් ඇතැයි රටට පැවසීම දුරාචාරි වැඩක් බවයි.

ආචාර්ය උපාධිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තුට්ටු දෙකේ වැඩක් යැයි පවසන රන්වල තුට්ටු දෙකේ මිනිහෙකු බවත් එවැන්නන් මාලිමාවට වැඩක් නැති බවත් හෙතෙම අවධාරණය කරයි.

අශෝක රන්වල මාලිමාවට සැබවින්ම ආදරය කරන්නේ නම් මන්ත්‍රී ධුරය ලැයිස්තුවේ ඊළඟ අපේක්ෂකයාට ලබා දී ගෙදර යා යුතු බව ද හෙතෙම තව දුරටත් කියා සිටී.

එසේ නැත්නම් තමන්ට ආචාර්ය උපාධියක් නොමැති බව පාර්ලිමේන්තුවේ පවසා ප්‍රසිද්ධියේ සමාවගත යුතු බවත් නැත්නම් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන තුරු සටන නතර නොකරන බවවත් ඔහු දැඩිව කියා සිටී.

Related posts

රනිල් ජනාධිපති වූයේ අරගලයට පිං සිද්ද වෙන්නයි..- දමිතා

Maimoonar

අම්බලන්තොටදී පොලිස් සංඥා නොතකා ධාවනය වූ මෝටර් රථයක ගැටී පොලිස් කොස්තාපල්වරයෙකු මියයයි

Maimoonar

76 අවුරුද්දක් විනාශ කළ රට දවසකින් දෙකකින් අවුරුද්දකින්වත් ගොඩ දාන්න බෑ..

Maimoonar