January 23, 2026
BusinessBusiness NewsLocal NewsNews

අයවැයෙන් කොපමණ සහන දුන්නත් අපට කමක් නෑ.. ඒ සියල්ල රජය උපයාගත යුතුයි..- IMF

හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2025 වසර සඳහා වන අයවැය මගින් ජනතාවට සහන ලබාදීමට සිදු බාධාවක් නැති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කර ඇත.

නමුත් තම අරමුදල සහ ශ්‍රී ලංකා රජය එකඟ වී ඇති වැඩ පිළිවෙලේ පරාමිතීන් තුළ ඒ සියලු සහන ලබාදිය යුතු බවද ඔවුන් අවධාරණය කරයි.

කිසියම් සහනාධාරයක්, වැටුප් වැඩි කිරීමක් ආදී වියදමක් ආණ්ඩුව සිදු කරන්නේ නම් එය රාජ්‍ය ආදායම සඳහා එම මුදල උපයා ගත යුතුව ඇති බවද ඔවුන් පෙන්වා දී ඇත.

එම පරාමිතීන් ඇතුළත අයවැය ඉදිරිපත් කරන්නේද යන්න සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමීපව නිරීක්ෂණය කරයි.

ඉන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මීළඟ ණය වාරිකය නිදහස් කිරීම සඳහා විධායක මණ්ඩලය වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මුල්‍ය අරමුදලේ නියෝජිතයන් මෑතකදී ඇමරිකාවේදී පැවති මාධ්‍ය හමුවකදිද මේ බව පැවසූ අතර කොළඹ කාර්යාලයද මේ බව මහ බැංකුව වෙත සන්නිවේදනය කර ඇත.

Related posts

මෛත‍්‍රී ජනාධිපතිවරණයේදී සජිත්ගේ පොලොන්නරු වේදිකාවට ගොඩවෙන්න සූදානමින් ඉදලා.. කතාවත් සූදානම් කරලා..- මහාචාර්යවරයා හෙලි කරයි..

Maimoonar

සමාජ ජාලා කැලඹූ පින්තූරය ඇමති සනත් නිශාන්ත රූපවාහිනි සංවාදයකට ගෙනේ…

Maimoonar

නව වසර උදාවත් සමඟ නවගමුව, මරදන්කේණි සහ අගලවත්ත ප්‍රදේශවලින් ඝාතන සිද්ධීන් වාර්තා වෙයි

Maimoonar