BusinessBusiness NewsNews

ලුණු මිල 200 ඉක්මවා ඉහලට..

අද දිනයේ සිට ලුණු මිල ඉහල දැමීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර ඇත.

ඒ අනුව ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100 සිට රුපියල් 120 දක්වා ද ලුණු කැට කිලෝව පැකට්ටුවක මිල රුපියල් 120 සිට රුපියල් 180 දක්වා වැඩි කෙරේ.

හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති ඩි. නන්දන තිලක මහතා පැවසුවේ ලුණු මිල වැඩි කිරිම තාවකාලික තීරණයක් බවයි.

මාර්තු මාසයේදි හම්බන්තොට ලුණු ලේවායේ ලූණු අස්වැන්න ලැබුණු වහාම ලුණු මිල අඩු කරන බවද ඔහු පැවසුවේව.

ලුණු මිල මෙසේ වැඩි කිරීමට හේතූ වූයේ ඉන්දියාවෙන් ලුණු ගෙන්වීමේදී වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම බවත් ඔහු කියා සිටී.

කෙසේ වෙතත් මේ වන විටත් ඇතැම් ප‍්‍රදේශවල ලුණු කිලෝවක් අලෙවි වන්නේ රුපියල් දෙසියය ඉක්මවූ මිලකටයි.

Related posts

එජාපයේ නායකත්වය භාරගැනීමට සූදානම් – රුවන් විජේවර්ධනගෙන් ප‍්‍රකාශයක්

Maimoonar

මහනුවර නගරයේ ජල සැපයුම ඇනහිටී; පානීය ජල බෝතල් හිඟයක්, මිල 100 දක්වා ඉහළට

Maimoonar

කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ තරුණියක් අනුරාධපුරයෙන් හමුවේ

Maimoonar