Local NewsNews

දුම්රිය මාධ්‍ය ප‍්‍රකාශක ධුරයෙන් ඉවතට..

දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්ජේ ඉදිපොළ මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

දුම්රිය ප‍්‍රවේශ පත‍්‍ර අන්තර්ජාලයෙන් අලෙවියේදී සිදු කරන වංචාවක් ගැන ඔහු කළ ප්‍රකාශයක් ඊට හේතු වී ඇති බව සඳහන්ය.

උඩරට දුම්රියේ ඇල්ල දක්වා වූ දුම්රිය ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලයට මුදාහැර තත්පර 42ක් ඇතුළත සියල්ල විකිණී අවසන් වීම පසුපස මහා වංචාවක් සිදුවන්නේ යැයි චෝදනා එල්ල විය.

ඒ සම්බන්ධීන් කළ විමසීමකදී මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවකදී කියා සිටියේ දුම්රිය ප‍්‍රවේශ පත‍්‍ර එතරම් ඉක්මනින් අලෙවි වන්නේ නම් දෙපාර්තමේන්තුවට වාසියක් බවයි.

Related posts

සමීක්‍ෂණ වාර්තා අනුව ඊළග ජනාධිපති මමයි..- දිලිත්

Maimoonar

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය ඉල්ලා අස්විය යුතු බව නාමල් රාජපක්ෂ පවසයි

Maimoonar

‘සයිනොපෙක්, ආර්.එම්. පාර්ක් බෙදුම්කරුවන්ට 3%ක් දෙන්න එකග වෙති…

Maimoonar