BusinessBusiness NewsNews

FD ගලවති.. බැංකු පද්ධතිය අවදානමේ..

බැංකු පොලිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද සියයට 10 දක්වා ඉහළ දැමීම හේතුවෙන් තැන්පත්කරුවන් බොහෝ දෙනෙකු සිය තැන්පතු ඉවත් කරගැනීමට පෙලඹෙන බවත්, ඉන් බැංකු පද්ධතිය අවදානම් තත්ත්වයක් උද්ගත වන බවත් ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

බැංකු පොලිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද සියයට 5 ක්ව පැවතියදීත් බොහෝ දෙනෙක් සිය තැන්පතු ඉවත් කරගැනීමට කටයුතු කළහ. මේ හේතුව මත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එම පොලියෙන් ලැබුණු ආදායම රුපියල් බිලියන 13 සිට 05 ක් දක්වා අඩුවී තිබෙන බව මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග කියයි.

මෙලෙස බැංකු පොලියෙන් අය කෙරෙන රඳවා ගැනීමේ බද්ද සියයට 10 ක් දක්වා වැඩි කිරීම නිසා එම ආදායම තවදුරටත් අඩුවනු ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු නොගෙවන පිරිසට මෙම බද්ද යළි අයකර ගැනීමේ හැකියාව පවතින බවත්, ඊට සිය ආදායම් වාර්තා ආදිය එම දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර එම බද්ද ලබාගත හැකි බවත්, ඊට අදාළව ක්‍රමවේදයක් සකස් කරන බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.

– සාලිය කුමාර ගුණසේකර

Related posts

හුදකලා කර ඇති ග‍්‍රාම සේවා වසම් සංඛ්‍යාව 52කට අඩුවෙයි

Maimoonar

කාලගුණ අනතුරු ඇඟවීම් නොසලකා ජලාශ එකවර මුදා හැරීමෙන් මහ විනාශයක් – කබීර් හෂීම්ගෙන් රජයට චෝදනා

Maimoonar

තවත් පුද්ගලයින් 265 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තා අද

Maimoonar