Local NewsNews

ශ්‍රි පාද වන්දනාවේදී කාන්තාවක් මිය යයි…

තවත් පිරිසක් සමග ශ්‍රි පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් හදිසියේ රෝගාතුර වි දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු (29) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි රේණුකා දමයන්ති නැමති (57) හැවිරිදි කාන්තාවකි.

ජිවිතක්ෂයට පත් කාන්තාව (28) දින හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදස්ථානය කරුණා කල අවස්තාවේ සීත ගගුලට ඉහලින් පිහිටි තැන්න ප්‍රදේශයේදි හදිසියේ රෝගාතුර විම නිසා එම කාන්තාව නල්ලතන්නිය වෙත රැගෙනවිත් මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු එම කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදි ජිවිතක්ෂයට පත් වි ඇත.

මියගිය කාන්තාවගේ සිරුර දික්ඔය මුලික රෝහලේ තැන්පත් කර ඇති අතර, සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරිමෙන් පසු    සිරුර ඥාතින් වෙත භාරදෙන බවයි නල්ලතන්නිය පොලිසියේ නිලධාරියෙකු කියා සිටියේ.

Related posts

දෙහිවල සත්තු වත්තේ සිංහයෙකුට කොරෝනා.. හිපපොටේමස් හා සීබ‍්‍රාවෙකුත් මිය යයි..

Maimoonar

ආසියාවේ දුර්වලම විනිමය අතරට ශ‍්‍රී ලංකා රුපියල එක් වේ

Maimoonar

සෞඛ්‍ය වැඩ වර්ජනයෙන් හෙද සංගමය ඉවත් වේ…

Maimoonar