January 23, 2026
Local NewsNews

AL ටියුෂන් අදින් අවසන්..

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වීම (19) මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාගය අවසන් වනතුරු එම තහනම ක්‍රියාත්මක වෙයි.

එම උපදෙස් පිළි නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුව පවසයි.

නොවැම්බර් මස 25 වැනිදා ආරම්භ වීමට නියමිත මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන මස 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව 333,185කි.

ඒ අතරට පෞද්ගලික අයදුම්කරුවන් 79,795 ක් ඇතුළත් වෙයි.

Related posts

ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමට එජාපය පොරකති.. ජෝන් මන්ත‍්‍රීකමට එන බව කියයි.. අස්වෙන්න බෑ කියයි..

Maimoonar

රටින් ආ කොරෝනා ආසාදිතයන් 49ක් රට පුරා සැගවිලා.. බුද්ධි අංශ වාර්තාවක්.. පැය 24න් අල්ලන්න නියෝග කෙරේ..

Maimoonar

IMF සමග මුල් වටයේ සාකච්චා සාර්ථකයි..

Maimoonar

2 comments

Comments are closed.