February 12, 2026
Local NewsNews

ශ‍්‍රී ලන්කන් යානා තුනක් එකවර කැඩේ.. ගුවන් ගමන් කිහිපයක් ප‍්‍රමාදයි..

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක් ප්‍රමාද වීම්වලට ලක් වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවා ප්‍රකාශකවරයෙක් පැවසීය .

සෑම ගුවන් යානයක්ම තම ගුවන් ගමන නිමා කිරීමෙන් පසු තාක්ෂණික ඇගැයීම් පරීක්ෂා කිරීමකට ලක් කෙරෙන අතර , එහිදී ඇතැම් ගුවන් යානාවල සිදු කළ යුතු අත්‍යාවශ්‍ය තාක්ෂණික නඩත්තු කිරීම් සදහා , තරමක කාළයක් ගත වන බවත් , ඒ අනුව මෙම ගුවන් යානා 03 එම තාක්ෂණික නඩත්තු කටයුතු සදහා යොමු කර ඇති බව ද එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .

17 රාත්‍රී 06.35 ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 123 දරන ගුවන් ගමන සහ යළිත් රාත්‍රී 10.15 ට චෙන්නායි සිට කටුනායක වෙත පැමිණීමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 124 ගුවන් ගමන අවලංගු කර තිබේ .

මීට අමතරව 17 රාත්‍රී 10.10 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් ගමන සහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට 17 දින රාත්‍රී 10.20 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ගුවන් ගමන ද අවලංගු කර තිබේ .

මේ පිළිබඳ ශ්‍රී ලන්කන් ගුවන් සේවය , මෙම ගුවන් යානා වලින් ගමන් පහසුකම් සළසා ගන්නා මගීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර , කඩිනමින් මෙම ගුවන් ගමන්වල නිරත වීමට අවශ්‍ය ගුවන් මගීන් , වෙනත් විකල්ප ගුවන් යානා මගින් , එම ගමනාන්තයන් වෙත යොමු කිරීමට ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබේ .

එසේම මෙම ගුවන් යානා තාක්ෂණික දෝෂ වලට ලක් වීම නිසා , හෙට දින අලුයම 12.00 න් පසු ක්‍රියාත්මක වීමට නියමිත තවත් ශ්‍රී ලන්කන් ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කිරීමට සහ ප්‍රමාද වීමට නියමිත අතර , ඒ ගුවන් ගමන් පිළිබඳ කාළසටහන මේ වනතෙක් ප්‍රකාශයට පත් කර නොමැත .

– Lankadeepa

Related posts

නීති කැඩුවොත් මැතිවරණ ප‍්‍රතිඵල දෙන්නෑ..- මැතිවරණ කොමිසම

Maimoonar

ඩීසල් විදුල් ඒකකයක් රුපියල් සීයයි.. ගල් අගුරු ඒකකයක් 50යි..

Maimoonar

ඩෑන් ප්‍රියසාද් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනී..

Maimoonar

1 comment

Comments are closed.