January 29, 2026
Local NewsNews

යාපනේට ගංවතුර…

අධික වර්ෂාව හේතුවෙන් යාපනයේ ප්‍රදේශ තුනකට මේ වන විට සුලු ගංවතුර තත්වයක් බලප ඇති අතර ඉන් පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් පීඩවන්ට පත්ව ඇති බවටත් නිවස කිහිපයකටද හානි සිදුව ඇතැයි දිස්ත්‍රීක් භාර ආපදාකලමනාකරන ඒකකයන් පවසා සිටියි.

යාපනය ගුරුනගර් ප්‍රදේශය , නල්ලූර් සහ කයිට්ස් ප්‍රදේශයන් වෙතට මෙලෙස ගංවතුර අවධානමක් පවතින අතරම නිවස 10 කට පමණ අර්ධ හානි සිදුව ඇතැයිද ආපදාකලමනකරන නිලධාරීන් පැවසීය.

සතියකට ආසන්න කාලයක් නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මෙලෙස ගංවතුර තත්වයන් ඇති ව තිබෙන අතරම ඉදිරියේදී පවතින තත්වය මීට වඩ වැඩිවිය හැකි බැවින් විපතට පත්වන ජනතව සහ දේපල ප්‍රමාණයන් ඉහල යා හැකි බවටද ආපදාකලමනාකරන නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අතර පීඩාවන්ට පත් වූ ජනතාව වෙනුවෙන් පහසුකම් සැපයීමට ප්‍රදේශ බාර ග්‍රාමසේවක නිලධාරීන් මාර්ගයෙන් කටයුතු කිරීමටද පියවර ගෙන ඇත.

Related posts

‘සුවසැරිය’ හාන්සියි.. දුවන්න සල්ලි නෑ..

Maimoonar

Online පනතේ වගන්ති 57න් 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි…

Maimoonar

රාගම පෞද්ගලික රෝහලක් වසයි : නිලධාරියෙකුට කොරෝනා

Maimoonar

3 comments

Comments are closed.