February 12, 2026
Local NewsNews

බිලියනයකට වැඩි වටිනා මත්ද‍්‍රව්‍ය තොගයක් අල්ලයි..

ශ්‍රී ලංකා නාවික හමුදාව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් සහ මත්දව්‍ය තොගය වැඩිදුර විමර්ශ කටයුතු සදහා පොලිස් මත්දව්‍ය කාර්යාංශය වෙත බාර දීමටද නාවික හමුදාව කටයුතු කර ඇත.

නාවික හමුදා බාරයට ගැණුන මෙම ධීවර යාත්‍රාව ගාල්ල වරාය‍ට රැගෙන විත් සිදුකල වැඩිදුර පරීක්‍ෂාවේදී උර දෙකක් තුල මත්දව්‍ය හසුරා තිබූ පාර්සල් හතලිහක් සොයා ගැනීමට සමත් වූ බවද ශ්‍රී ලංකා නාවික හමුදාව කියයි.

මෙම මත්දව්‍ය තොගය රුපියල් මිලියන 1152 කට අධික වටිනාකමකින් යුක්ත බවත් එහි හෙරොයින් කිලෝ 46 යි ග්‍රෑම් 116 ක ප්‍රමාණයත් තිබූ බවත් නාවික හමුදාවේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. ශ්‍රී ලංකාවට බටහිර දෙසින් නාවික සැතපුම් 110 ක් (කිලෝමීටර් 200 ක්) පමණ ගැඹුරු මුහුදේදී ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්‍ර නෞකාව යොදවා සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් මෙම මත්දව්‍ය තොගය අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවද එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය.

ශ්‍රී ලංකා නාවික හමුදාවට ලැබුණ බුද්ධි තොරතුරකට අනුව මෙම අත් අඩංගුවට ගැනීම සිදුකරන ලද බවද නාවික හමුදාව කියයි. මෙම බහුදින ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් පස් දෙනා සහ හෙරොයින් තොගය ගාල්ල වරායට රැගෙන ඒමටද කටයුතු කර තිබේ. මෙම සැකකරුවන් පස් දෙනා වයස අවුරුදු 23 ත් 33 ත් අත‍ර වයස් කාණ්ඩයේ පසුවන මාතර, ගන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටද නාවික හමුදාව හඳුනාගෙන තිබේ.

Related posts

දුම්රිය හරස් මාර්ගය හරහා ගිය කැබ්රථය දුම්රියේ ගැටී දරුවකු මිය යයි.. පියා ඇතුලු දෙදෙනෙකුට බරපතලයි…

Maimoonar

හඳුනා ගත් භාණ්ඩ කීපයක් ආනයනය කිරීම අත්හිටුවයි

Maimoonar

සමහර විට නිල නිවසක් උවමනා වෙයි..- මාලිමා මන්ත‍්‍රීනී

Maimoonar