Local NewsNews

ආහාර උද්මනය නගී..

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 ඔක්තෝම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව 2024 සැප්තැම්බර් මාසයේ දී -0.2% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 ඔක්තෝම්බර් මාසය සඳහා -0.7% ක් දක්වා අඩු වී ඇත.

2024 සැප්තැම්බර් මාසයේ දී 0.5% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ඔක්තෝම්බර් මාසයේ දී 1.3% ක් දක්වා වැඩි වී ඇත.

එමෙන්ම, 2024 සැප්තැම්බර් මාසයේ දී -0.7% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ඔක්තෝම්බර් මාසයේ දී -2.3% ක් දක්වා අඩු වී ඇත.

Related posts

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් STF උප පොලිස් පරීක්ෂක CID අත්අඩංගුවට

Maimoonar

පොලිසිය වෙඩි තියයි.. අයෙක් රෝහලේ..

Maimoonar

රට පුරා කිසිදු රෝහලකින් කොරෝනා රෝගීන් නෑ.. වෛරසය අපේ පාලනයේ.. තත්වය සතුටුදායකයි..- පබා පලිහවඩන

Maimoonar