27.8 C
Colombo
February 26, 2026
Local NewsNews

ආපදා නිසා 12,124ක් පීඩාවට.. කුරුණෑගලට මහ වැසි..

පළාත් තුනකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් 12124 දෙනෙකු පීඩාවට පත්ව ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

නොවැම්බර් 01 සිට මේ දක්වා කාලය තුළ ඇතිවූ ආපදා හේතුවෙන් එම පිරිස පීඩාවට පත්ව තිබේ.

අධික වර්ෂාව,සුළං හා ගංවතුර හේතු එම පිරිස පීඩාවට පත්ව ඇතිබව එම මධ්‍යස්ථානය පවසයි.

09 පෙරවරු 08.30 අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කුරුණෑගල මැල්ලව ප්‍රදේශයෙන් වාර්තා වී ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම අගය 221.6mmකි.

එම කාලය තුළ දුම්මලසූරිය ප්‍රදේශයට 190.3mm වර්ෂාපතනයක් සහ පාලවී ප්‍රදේශයට 150.4 වර්ෂාපතනයක් ලැබී ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම කාලය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට 100mm ඉක්මවූ වර්ෂාපතනයන් ලැබී ඇතිබව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Related posts

තනි රෝදෙන් බයික් පැද්දාට එක්ලක්‍ෂ තිස්දාහක දඩයක්.. රියදුරු බලපත් කැන්සල්…

Maimoonar

රුසියාවත් ලංකාව වගේ වෙයි.. කොරෝනා පාලනයට පුටින් හමුදාව කැදවයි..

Maimoonar

‘සජිත් මෙරට ජනාධිපති වීම ඒකාන්තයි..’- ප‍්‍රකට හිමියන් අනාවැකියක් කියයි..

Maimoonar