News Political

රණසිංහ ප්‍රේමදාසගේ පුතනුවන් දිනවන්න.. ඉඩම් දෙනවා.. ගෙවල් දෙනවා..

සියලු තාක්ෂණයෙන් පිරිපුන් රජ්‍ය සෙවකයින් උදෙසා සියලු රාජ්‍ය සේවකයින් ශක්තිමත් කොට සුරක්ෂිත රාජ්‍ය සේවයක් ශ්‍රීලංකව තුල ස්ථපිත කරන බවට ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ ජනහමු කිහිපයක් උතුරු පලාතේ සංවිධනය කොට තිබූ අතර ඉන් එක් අහමුවක් වව්නියාවේදී පැවති අවස්ථාවට සහභාගි වෙමිනි. ඒහිීදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ,

‘ආරම්භයේදීම කියන්න කැමතියි විශේෂයෙන්ම  රටේ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට මා මූලිකත්වය ලබා දෙනවා. අපේ රටේ රටේ රාජ්‍ය සේවය වර්තමාන රජය වර්තමාන ජනාධිපතිවරයා යටතේ රාජ්‍ය සේවයේ වැටුප් කප්පාදු කරන්නට කටයුතු කරපු යුගයක් තියෙන්නේ සමස්ත රාජ්‍ය සේවකයන් අඩු කරන්නට කටයුතු කරපු යුගයක් හිටිහැටියේම වැටුප් වැඩි කරනවා කියලා බොරු ඉදිරිපත් කරන අවස්ථාවක මම කියන්න කැමතියි සමස්ත රාජ්‍ය සේවයටම අවම වශයෙන්ම ඔබගේ වැටුප සියයට 24% කින් අපි වැඩි කරන්නට කටයුතු කරනවා ඒ වගේම ජීවන වියදම් දීමනාවෙන් අපි 25,000 දක්වා වැඩිකරන්නට වැඩි කරනවා ඒවගේම රාජ්‍ය සේවයේ අවම වැපුව 57,500 කරනවා.

‘වර්තමාන රජයේ අසාධාරණ බදු සූත්‍රය බදු ගහන බදු බර පටවන සූත්‍රය අඩුකරලා මේ රටේ මැදපන්තියත් මේ රටේ රාජ්‍ය සේවයත් ශක්තිමත් කරන්නට අපි කටයුතු කරනවා. ඔබගේ සහයෝගය සවිය ශක්තිය අපට ලබා දෙන්න ඔබේ රැකියා සුරක්ෂිත භාවය තහවුරු කරමින් නියත වැටුප් වැඩි කිරීමකට අපි ලබන ජනවාරියේ සිට කටයුතු කරනවා මේ වර්තමාන රජය බොරුවට කටින් බතල හිටවනවා. බොරු පම්පෝරි දේශපාලනය පසෙකලා සත්‍ය වශයෙන්ම රාජ්‍ය සේවය නියතව සිටින රාජ්‍ය සේවකයා සුරක්ෂිත කිරීමට ආරක්ෂා කිරීමටපියවර ගන්නවා.

ඒවගේම රාජ්‍ය සේවයේ විශාල ප්‍රමාණයක් විවිධ ක්ෂේත්‍රවල සිටිනවා. සමස්ත රාජ්‍ය සේවාව අපි විශ්වාස කරන්නේ රටට බරක් නොව රටට සම්පතක් කියලා. රටට බරක් ලෙස රාජ්‍ය සේවාව හැඳින්වූයේ මේ වර්තමාන රජය. ඒවගේම වෙනත් විකල්ප කණ්ඩායම් මේ රට රාජ්‍ය සේවය රටේ මුදල් සම්පතට හානියක් කියලා කරුණු ඉදිරිපත් කරනකොට රාජ්‍ය සේවය සුරක්ෂිත කරන්නට රාජ්‍ය වෙනුවෙන් හඬක් නැගුවේ සමගි ජන බලවේගය සමග ජන සන්ධානයයි.

‘පොලිස් සේවයේ බටා එක ලබාදෙන තියෙනවා මාස තුනකට අපි ඒක ස්ථිර බටාවක් බවට පත් කරනවා ඒ වගේම පොලිස් සේවයේ උසස්වීම් නතර වෙලා තිබෙනවා වහාම අපි එය ක්‍රියාත්මක කරනවා සිවිල් අරක්ෂක බලකා සේස්ත්‍රය සුරක්ෂිත කරනවා. මෙන්න මේ යනාදී වශයෙන් ටේ රාජ්‍ය සේවයන් නූතනවාදී කරමින්  වගේම රාජ්‍ය සේවයේ සියලුම නිලධාරීන් හොඳ පුහුණුවකට නිපුණතාවයකට දක්ෂතාවය කුසලතාව තාක්ෂණයෙන් හෙබි ශක්තිමත් ජවසම්පන්න රාජ්‍ය සේවයක් බවට පත් කරන්නට අපේ රජය අනිවාර්යයෙන්ම කැපවෙනවයි කියන එක මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි.

‘පළාත් පාලන පහක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ හතරක ග්‍රාම නිලධාරී වසම් එකසිය දෙකක කුඩා ගම් 460 ක ජීවත් වෙන මේ වව්නියාවේ ඔබ සියලු දෙනාගේම ජන ජීවිතය ශක්තිමත් කිරීමට දැවැන්ත සංවර්ධනයක් ක්‍රියාත්මක කරනවා.

‘අපි උතුරු පළාතෙත් නැගෙනහිර පළාතෙත් මුළු රටේම දැවැන්ත නිවාස සංවර්ධනයක් ආරම්භ කළා. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ඒ නිවාස වැඩසටහන නතර කරා. රටේ ජනතාව එදා අපට ඒ වරම ලබා දුන්නනම් මේ සියල්ලක්ම සම්පූර්ණ නිවාස බවට පත්කරල ජනතා අයිතියට පත්කර අවසන් බව ඔබ විශ්වාස කරනවා. ගෝඨාභය රාජපක්ෂ බලයට ආපු නිසා තමයි ගෙවල් හදන එක නතර වුණේ ගෝඨාභය බලයට ගේන්න හදපු දේශපාලන කුමන්ත්‍රණයේ මහමලාකාරයා තමයි නිල් වික්‍රමසිංහ මහත්මයා.

‘මට ආරංචියි ඒ අයගේ ගෝලබාලයෝ කියනවාලු මම ගෙවල් හදනවායි කියලා ජනතාව පාරට දැම්මයි කියලා. මම වවුනියාවේ ජනතාවට කියන්න කැමතියි උතුරු පළාතේ ජනතාවට කියන්න කැමති බය නැතුව නිවාස සංකල්පයේ නිර්මාතෘවන රණසිංහ ප්‍රේමදාසගේ පුතනුවන් වුනු සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරවන්න. අවසන් කරන්නට බැරි වුණු හැම නිවාස යෝජනා ක්‍රමයක්ම හැම නිවසක්ම ඉදිකර අවසන් කරනවා පමණක් නොවේ නිවෙස් නොමැති අලුත් පවුල් වලටත් ඉඩම් ලබාදෙනවා, නිවාස ලබාදෙනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. යනුවෙනි.

– Reporter

Related posts

එයා ඇකැමැති නම් මම රඟපාන්නෙ නෑ : රංගන ශිල්පිනී ධනංජි තාරුකා

Shiran Viraj

ත‍්‍රස්ත මර්ධනය අධිවේගී වෙයි..අති නවීන හමුදා බුදධි අංශයක් පිහිටුවයි..

Shiran Viraj

මේ මාසෙට ඉන්ධන ගේන්න ඩොලර් මිලියන 350ක් නෑ.. ඉන්දියාවෙන් ඒක ණයට ඉල්ලුවා…- දයාසිරි

Shiran Viraj

Leave a Comment