News Political

මං ජනාධිපති වුනාම වැටුප් වැඩි කරන්නේ ජූනි සිට.. මාස හයෙන් හයට වැඩි කරනවා…

විසි එක්වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත් වූ පසු රාජ්‍ය සේවකයන්ට සඳහා වැටුප් වැඩි කිරීමක් සිදු කළ හැක්කේ 2025 වසරේ ජුනි මාසයේ පටන් බව ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනවාරි මාසයේ සිටම වැටුප් වැඩි කරන බව පැවසුවද එය කළ නොහැකි දෙයක් බවත් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපතිවරයා බවට පත් නොවන බව දන්නා නිසා එවන් ප‍්‍රකාශ කරන බවත් හෙතෙම පැවසීය.

ජාතික ජන බලවේග රජයක් යටතේ වැටුප් ඉහළ නංවන්නේ ජීවන වියදමට අනුරූපීව බවත් එය මාස හයෙන් හයට ඉහළ නැංවීම සිදු කරන බවද හෙතෙම කියා සිටියේය.

රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

Related posts

අද සහ හෙට නිරිත දිගට වැස්ස වැඩියි

Shiran Viraj

‘රට අඳුරු අනාගතයක එළිපත්තේ’ තෝරා ගත යුතු ජනපති ගැන චන්ද්‍රිකා කියයි..

Shiran Viraj

ජනපති හා ගැටඹේ හිමි අතර පැයක් සාකච්චා… මාධ්‍ය හෝ වෙන කිසිවෙකු නෑ..

Shiran Viraj