January 29, 2026
NewsPolitical

මං ජනාධිපති වුනාම වතුර උගුරක් බොන්නෑ.. බත් කටක් කන්නෑ.. ස්වෙච්චාවෙන් වැඩ කරන්නේ..

ඉදිරි ජනාධිපතිවරණය ජයගෙන තමන් මෙරට ජනාධිපති ධුරයට පත්වූ පසු ජනතා බදු මුදලින් වතුර උගුරක්වත් හෝ කෑම වේලක් නොගන්නාබව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වැලිමඩ ප්‍රදේශයේදී පැවති ජනාධිපතිවරණ ජන රැලියක් අමතමින් ඔහු මේ බව පැවසීය.

‘ජනපතිවරු කියන්නේ ජනතාවට කැපකිරීම් කරන්න කියලා නේ. මම 21 වෙනිදා මේ රටේ පොදු ජනතාව අපිට ඒ වටිනා වරම ලබාදෙනකොට ලොකුම කැපකිරීම කරන්නේ රටේ ජනාධිපති හැටියට සජිත් ප්‍රේමදාසයි. මම කැපකිරීම් කරලා පෙන්වන්නම්. මම පඩි සහ දීමනා ගන්න ජනපති කෙනෙක් වෙන්නේ නැහැ. මගේ සේවාව මම මාතෘ භූමියට ලබාදෙන්නේ කිසිම වේතනයක් නැතුව. ජනතා බදු මුදලින් මම වතුර උගුරක්වත් ගන්නේ නැහැ. කෑම එකක්වත් ගන්නේ නැහැ රටේ ජනතාවගේ බදු මුදල්වලින්. මම ස්වේච්ඡා ජනපති කෙනෙක් ලෙස කටයුතු කරනවා’

Related posts

දෙවියන් දුන්න බයිබලයයි කුරාණයයි පිලිගන්නව නම් කෑගල්ලේ පැණිය පිලිගන්න බැරි ඇයි..

Maimoonar

හදිසි නීතිය දේශපාලන මර්දනයට නොවේ: සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනය කිරීමේ අයිතිය ජනතාවට තියෙනවා – ඇමැති ආනන්ද විජේපාල

Maimoonar

මුදල් මණ්ඩලයට නව සාමාජිකයින් දෙදෙනෙක්. සාකච්ඡා කිරීමට ව්‍යවස්ථා සභාව හෙට රැස්වෙයි

Maimoonar