Local NewsNews

ජනාධිපතිවරණයෙන් පසු තනතුරු දැන්ම වෙන් කර ගනිති.. බෙදාගන්න පොරකති…

ජනාධිපතිවරණය ආසන්නයටම පැමිණ තිබියදී මධ්‍යම පළාතේ උසස් තනතුරු ලබාගැනීම සඳහා තිරය පිටුපස ප්‍රබල දේශපාලන සටනක් හටගෙන තිබේ.

එයින් ප්‍රධාන සටන හටගෙන ඇත්තේ පළාත් ආණ්ඩුකාර ධුරය සම්බන්ධවයි.

කලකට පෙර පළාතේ ප්‍රධානම පූජ්‍යස්ථානයක ප්‍රධානම තනතුර ඉසිලූ දේශපාලන පවුලක හිටපු නිලමේවරයකු සමගි ජන බලවේගය ජයග්‍රහණය කළහොත් පළාත් ආණ්ඩුකාර ධුරය ලබාගැනීමට සටනක් දියත් කර තිබේ

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජයග්‍රහණය කළහොත් මහනුවර පැරණි දේශපාලන පවුලක හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකුගේ පුත්‍රයකු හා හිටපු නගරාධිපතිවරයකු ද වන තැනැත්තකු ආණ්ඩුකාර ධුරය අපේක්ෂා කරන බව සඳහන් වෙයි.

මෙයට අමතරව සමගි ජන බලවේගය ජයග්‍රහණය කළහොත් ආණ්ඩුවේ අගමැති ධුරය මධ්‍යම පළාතේ ප්‍රබල ස.ජ.බ ප්‍රධානියකුට ලබාගැනීම පිණිස ද තිරය පිටුපස සටනක් ආරම්භ වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

– deshaya

Related posts

ගුරු දෙවිවරු විරෝධතා තවත් තද කරති.. ආදි සිසුන් හා දෙමාපියන්ද කැදවති…

Maimoonar

බස් පරණයි.. අමතර කොටස් බාලයි.. අනතුරු වැඩි ඒ නිසා.. ඉදිරියට තව වැඩිවෙයි.

Maimoonar

හඳුනා නොගත් රෝගයක් මධ්‍යම පළාත් ගවයන් අතර පැතිරී යයි

Maimoonar