27.8 C
Colombo
February 26, 2026
Local NewsNews

පනත් 15ක් කඩිනමින් සම්මත කරන්න යයි..

ඉදිරි සති කිහිපය තුළ ඉතා වැදගත් අණපනත් 15ක් පමණ සම්මත කර ගැනීම සඳහා මේ වන විට කටයුතු සම්පාදනය කරමින් පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

ඉකුත් මාස 18ක පමණ වැනි කාලය තුළ නව පනත් 75ක් පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර රටට අවශ්‍ය මූලික වෙනස සිදුකිරීමට හැකියාව ලැබුණු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

– Media unit

Related posts

කොරෝනා ආසාධිතයෙකු තහවුරුවීමත් සමඟ බොරළුගොඩ ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලා 21 ක් වසා දමයි

Maimoonar

ඉන්දීය රුපියල් ලංකාවේ භාවිතයට සූදානම්..- විදේශ ඇමති ඉන්දියාවට කියයි…

Maimoonar

ගුරුවරියගේ ගෞරවය රැකෙන්නේ සාරිය ඇඳීමෙන්.. සාරිය ගැලවීමට විරෝධය..

Maimoonar