Local NewsNews

ලියාපදිංචි ඖෂධ හඳුනා ගන්න විශේෂ ස්ටිකරයක්..

ලියාපදිංචි ඖෂධ වල සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා විශේෂ ස්ටිකරයක් හඳුන්වා දෙන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.

ඊට අදාළ ඇනවුම මේවන විට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට දී තිබේ.

ඖෂධ සඳහා වියාජ ලියාපදිංචි සහතික නිකුත් කිරීම වැළැක්වීම එහි අරමුණ වී තිබේ.

ඒඅනුව ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිවන සෑම ඖෂධයක් සඳහාම විශේෂිිත ස්ටිකරයක් ලබාදීමට නියමිත බව පැවසීය.

මාසයක් ඇතුළත එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

විකල්ප සියල්ල අසාර්ථකයි.. රිලවුන් සංහාරයකට සාකච්චා..

Maimoonar

දේශපාලනය නොකර ආයතනය දියුණු කර ලාබ උපයන්නැයි ජනපති ගුවන් විදුලියට දන්වයි..

Maimoonar

මාලිමාව රට හදන වැඩපිලිවෙලක් තවම හැදුවේ නෑ.. පස්සෙ හදනවා..- හරිනි

Maimoonar