Uncategorized

ප‍්‍රහාරක වේගය වැඩි නිසා චමරි පිරිමි කණ්ඩායමට නම් කල හැකිදැයි ක‍්‍රීඩා ඇමති තේරීම් කමිටුවෙන් අහයි..

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිරිමි විස්සයි විස්ස කණ්ඩායමට කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඇතුලත් කල හැකිදැයි තමන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියගෙන් විමසු බව ක්‍රීඩා ඇමති හරින් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

පිරිමි කණ්ඩායමට වඩා චමරි අතපත්තු දස්කම් දක්වන බවත් ඇයගේ ප්‍රහාරාත්මක වේගය ඔවුනට වඩා ඉහළ බවටත් එනිසා ඇය ජාතික කණ්ඩායමට ඇතුළත් කළ යුතු බවට සමාජ ජාල වල ඇතැමුන් මත පළ කිරිමත් සමග තමන් එම විමසීම සිදු කළ බවද හෙතෙම කියා සිටියේය.

කොළඹදී පැවති උත්සව අවස්ථාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ක්‍රීඩාවෙන් විශ්‍රාම නොගන්නා ලෙසත් අවශ්‍ය ගැටලු සම්බන්ධයෙන් තමන් හෝ ක්‍රිකට් පාලක මණ්ඩලය සමග සාකච්ඡා කරන නිසා ලෙසත් අමාත්‍යවරයා තවදුරටත් චමරි අතපත්තුගෙන් ඉල්ලීය.

Related posts

ජපානයට එරෙහි චීන ජනතාවගේ යුද ජයග්‍රහණයේ 80 වැනි සංවත්සරය සමරයි

Maimoonar

මන්නාරම ද්විත්ව ඝාතනයට තිදෙනෙකු අත්අඩංගුවට.. ප්‍රධාන සැකකරු හමුදා සෙබලෙක්.. මුදල් කෙන්ත්‍රාත්තුවක්…

Maimoonar

නිධානයක් ගන්න ගිය 09 ක් අල්ලයි… අධි තාක්ෂණික ස්කෑනරයකුත් හමුවේ…

Maimoonar