NewsPolitical

ජනාධිපතිවරණය ගැසට් කරන්න සූදානම්…

ජනාධිපතිවරණය පැවැත්වීමට අදාල ගැසට් නිවේදනය ඉදිරි ජූලි මාසයේ නිකුත් කිරීමට සූදානම් කරමින් ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසු කිසිදු සංවර්ධන කටයුත්තක් කළ නොහැකි බවත් මැතිවරණය අවසන් වන තෙක් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඉඩ නොලැබෙන බවත් ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව තම අමාත්‍යංශයට යටතේ මෙම වසර සඳහා සැලසුම් කරන ලද සංවර්ධන වැඩසටහන් කඩිනම් කළ යුතු බවද ඔහු කියා සිටියේය.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනතා සමන් රත්නායක මහතා සඳහන් කරන්නේ ව්‍යවස්ථානුකූලව නිසි කාලසීමාව තුළ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බවයි.

ඊට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරමින් ඇතැයිද හෙතෙම කියා සිටියේය.

Related posts

කොරෝනා මරණ යයි සමාජ ජාලවල බොරු දමන 29ක් පසුපස රහස් පොලිසිය..

Maimoonar

හදිසි නීතිය දේශපාලන මර්දනයට නොවේ: සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනය කිරීමේ අයිතිය ජනතාවට තියෙනවා – ඇමැති ආනන්ද විජේපාල

Maimoonar

අසනීප වූ ලාංකික සේවකයා මිලියන 15ක් වියදම් කොට පෞද්ගලික ගුවන් යානයකින් මව්රටට එවූ සෞදි හාම්පුතා (PHOTOS)

Maimoonar

1 comment

Comments are closed.