Local News News

පුතා බේරීමට ගිය පියාට මිතුරන් පහර දී මරා දමයි..

පුතා සමග මිතුරන් පිරිසක් පෙර ඇති කර ගෙන තිබූ කෝන්තරයක් සංගීත සංදර්ශනයක් අතරතුරදී යළි හට ගත් අවස්ථාවේ ඊට මැදිහත්ව බෙිරීමට ගිය පියාට සංගීත සංදර්ශනය නිම වී පිටතට පැමිණි පසු එහි රැක සිට පහර දීමෙන් පියා මරණයට පත්ව ඇති බව නාරම්මල පොලීසිය පවසයි.

එසේ පහර දීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇත්තේ නො – 80 , කෝන්ගහකොටුව , කලුගමුව, මීවැව ලිපිනයේ පදිංචිව සිටි සේනාධීර පතිරැන්නැහැලාගේ ප්‍රදීප් ගුණතිලක ( 43 ) නමැති එක් දරු පියෙකි. ඔහු මාළු අලෙවිය ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන ගොස් ඇත.

මරණකරුගේ පුතා සමඟ පෙර ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයකදී ඇති කර ගත් ආරවුලක් ඉකුත් 28 දා නාරම්මල යූ.බී. විජේකෝන් ක්‍රීඩාංගණයේ පැවැති රාත්‍රි සංගීත සංදර්ශනයකදී යළි හට ගෙන එම මිතුරන්ම ඔහු වට කර ගෙන පහර දීමට තැත් කිරීමෙිදී එහි එම සංගීත සංදර්ශනය නරඹමින් සිටි මරණකරු විසින් පුතා මිතුරන් පිරිසගෙන් බෙිරාගෙන එය සමථයකට පත් කර ගෙන ඇතත් පසුව යළි සංගීත සංදර්ශනය නිම වී පාන්දර 1.45 ට පමණ එම පිය පුතු දෙපළ නිවෙස බලා පිටත් වීමට සංගීත සංදර්ශන භූමියෙන් පිටතට පැමිණෙන විට නැවතත් විසි දෙනෙකු පමණ පිරිසක් එහි මග රැක සිට එම පිය පුතු දෙපළට පහර දී ඇති බව පොලීසිය කියයි.

එහිදී මරණකරු විසින් එම මිතුරන් හා ගැටුම සමථයකට පත් කර ගැනීමට කතා කලත් ඊට ඔහුට ඉඩ නොතබා පහර දී තිබෙි. එහිදී එම පිය පුතු දෙපලද ඔවුන් ගෙන් බෙිරී ආරක්ෂා වීම සදහා පහර දී ඇති අතර එහිදී ගැටුම යළි උත්සන්න වී ඇති බව පොලීසිය පවසයි .

එහිදී එක් වරම එම පහර දීමට පැමිණි පිරිසේ සිටි අයකු මරණකරුගේ හිසට බෝතලයකින් පහරක් එල්ල කර ඇති අතර තවකෙකු ඔහුට හෙල්මටයකින් හිසට පහර දීමෙන් එහි ඔහු ඇද වැටීමත් සමග එම පිරිස වහා එම ස්ථානයෙන් ⁣පිටත්ව ගොස් ඇති බව පොලීසිය පවසයි.

පහර වැදීමෙන් ඇද වැටුණු එම පුද්ගලයා එහි සිටි පිරිස වහා නාරම්මල දිසා රෝහලට ඇතුලත් කිරීමට පියවර ගත් පසු කුරුණෑගල ශික්ෂණ රෝහලට වහා ප්‍රතිකාර සදහා යොමු කර තිබෙි. එහි දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කළ ඔහුට ඉකුත් 30 දා හිස සැත්කමකට භාජනය කර ඇත. සැත්කමින් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඊයේ 01දා දහවල් මිය ගොස් ඇත.

පහර දුන් පිරිසේ සිටි පුද්ගලයන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති පොලීසිය එම සිද්ධියට සමිබන්ධයැයි සැළකෙන ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන බව කියයි. සෙසු සැකකාර පුද්ගලයන් පිරිස සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව කියයි.

කුරුණෑගල ජනූර් කිචිලාන්
– ADA

Related posts

නව කැබිනට් ලේකම්වරුන් පත් කෙරේ.. ලයිස්තුව මෙන්න..

Shiran Viraj

රාජපක්ෂ පවුලේ මුදලට වැඩිපුරම කෑදර බැසිල්… රට විනාශ කලේ බැසිල්-පීබී..- හිටපු අගමැති මහින්දගේ ලේකම් හෙලිදරවුවක….

Shiran Viraj

ඉදිරි දින කිහිපයේ ශ‍්‍රී ලංකාව තුල කොරෝනා දෙවැනි නැගිටීමක්.. සියළුම ප‍්‍රක්‍ෂෙපන අනතුරු අගමයි.. දැඩි පාලනයකට යන්නැයි දන්වති..

Shiran Viraj

4 comments

Comments are closed.