27.8 C
Colombo
February 26, 2026
NewsPolitical

නාමල්ගේ දසබල සේනා ‘තනි බල සේනා’ වෙයි.. පොහොට්ටු මන්ත‍්‍රීන් වර්ජනයේ..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබූ වැඩ සටහනකට ගම්පහ දිස්ත‍්‍රික් පොදු ජන පෙරමුණේ ප්‍රබලයන් රැසක් සහභාගී වී නැති බව වාර්තා වේ.

ගම්පහ දිවුපිටියේදී මෙසේ පවත්වා ඇත්තේ දසබල සේනා වැඩසටහන වන අතර එම දිස්ත්‍රික් පොදුජන පෙරමුණ ආණ්ඩු පක්‍ෂ නියෝජිතයන් වන නායක ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු මන්ත්‍රීවරුන් හත් දෙනෙකුම ඊට සහභාගි නොවීය.

ඒ සඳහා සහභාගි වූ පොදුජන පෙරමුණේ එකම මන්ත්‍රීවරයා වූයේ රාජ්‍ය අමාත්‍ය අනුරුද්ධ ඉන්දික මහතායි.

ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු හැරෙන්නට ඊට සහභාගි වූයේ රෝහිත අභය ගුණවර්ධන, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, තිස්ස කුට්ටිආරච්චි යන අයයි.

එම දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් දහතුන් දෙනකු තේරී පත්ව සිටින අතර ඉන් හය දෙනෙකු විපක්‍ෂයට එක්ව සිටින අතර ආණ්ඩු පක්‍ෂයේ හය දෙනෙකු සිටී.

මේ පිළිබඳව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ තමන් එදින ජනාධිපති කාර්යාලයේදී සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ සාකච්ඡාවකට සම්බන්ධ වී සිටි බවයි.

Related posts

ඇඳිරිනීති කාලසීමාවේ කසිප්පු පෙරූ 15ක් අත්අඩංගුවට

Maimoonar

ගෝටාභය කටුනායකට.. පිලිගන්න මැති ඇමති විශාල පිරිසක්..

Maimoonar

පිල්ලෙයාන්ට විරුද්ද එකම සාක්‍ෂියත් ප‍්‍රතික්‍ෂෙප කලා.. දැන් සාක්‍ෂි නෑ.. තවත් හිරේ තියන් ඉන්න බෑ..- අධිකරණ ඇමති

Maimoonar