28 C
Colombo
July 9, 2024
Local News News

අදානි වැඩ අරඹයි..

බලයට ‘ඉව අල්ලන’ සියලු දේශපාලන පක්‍ෂ ‘ඉන්දියානු සරණං ගච්ඡාමි’ කියන තැන සිටින බවත් ඔවුන් ඉන්දියාවේ හිත ‘ඌයියා වෙයි’ කියා ඉන්දියාවට එරෙහිව කටක් අරින්නේ නැති බවත් පෙන්වා දුන් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, ඒ නිසා අද ‘බොරළුගොඩ සිංහයෝ – රාජපක්ෂලා – පොහොට්ටුකාරයෝ’ සාධුකාර දෙද්දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ‘රටේ ස්වෛරීභාවය ඉන්දියාවට බිල්ලට දීම’ යස අපූරුවට සිදුකර ගෙනයන බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

පාදුක්ක වේරගල දී පැවති “9න් පසුව : ශ්‍රී ලංකාවේ ඉරණම?” යන මැයෙන් පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

‘මුළු රටම වළලන ප්‍රතිකර්ම’

“අපි රටක් විදියට නිදහසෙන් පසු මුහුණ දුන් බරපතළම ආර්ථික අර්බුදයට මුහුණ දී තිබෙනවා. මේ වගේ අර්බුද ආපුවාම හරි ප්‍රතිකර්මය කළොත් යම් රටක් හිටියාටත් වඩා හොඳින් නැගිටිනවා. නිදසුනක් විදිහට 1991 දී ඉන්දියාවත් මෙවැනි අර්බුදයකට මුහුණපා සිටියා. ඒ වෙලාවේ ඔවුන්ගේ විදේශ විනිමය සංචිතයේ පැවතියේ පිටරටින් භාණ්ඩ ගෙනඒමට සතියකට සෑහෙන ඩොලර් ප්‍රමාණයක් විතරයි. නමුත් එවකට ඉන්දීය අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි, ආර්ථික අර්බුදයට පිළියම් සෙවීම ඒ වනවිට ඉන්දියාවේ කීර්තිමත් ආර්ථික විශේෂඥයෙකු වූ ‘මන්මෝහන් සිං’ට පැවරුවා. ඉන්දියාව කෙටි කලක් තුළ ඒ අර්බුදයෙන් ගොඩආවා. ඒ නිවැරදි ගමනේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවට අද ලෝකයේ පස්වැනි ආර්ථික බලවතා බවට පත්වීමට හැකිව තිබෙනවා. නමුත් මේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව දෙන ප්‍රතිකර්ම අද වළකට වැටී ඇති රට, ඒ වළ පත්ලටම හාරා, මුළු රටම වළලන වර්ගයේ ප්‍රතිකර්ම බව ඉතා පැහැදිලියි.

‘අර්බුදයේ ආසන්නතම වගඋත්තරකරුවෝ’

1977 සිටම මේ රට රැගෙන ආවේ, ‘ණයට අරන් – සැපට කාලා – ජොලියේ ඉන්න’ මාවතකයි. මෙහෙම ආපු ගමනක් අවසානයේ කොතැනක හෝ කඩාවැටෙනවා. 2018 තමයි මේ රටේ වෙළඳ පරතරය වැඩිම අවුරුද්ද. එවකට පැවතුණේ රනිල් – මෛත්‍රී හවුල් ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවේ ‘අරලියගහ මන්දිරයට වෙලා හොරු අල්ලන කමිටුවේ’ ජනතා විමුක්ති පෙරමුණත් හිටියා. එදා මේ වෙළඳ පරතරය පියවාගන්න රනිල් – මෛත්‍රී යහපාලන ආණ්ඩුව මොකද කළේ? එක දවසින්, අධික පොලියට ජාත්‍යන්තර පොලී මුදලාලිලාගෙන් ඩොලර් බිලියන 12.5ක ණයක් ගත්තා. ඒ විදිහට අධික පොලියට, සහන කාල නැති, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මගින් ඩොලර් බිලියන 12.5ක ණයක් ගැනීම තමයි මේ ආර්ථික අර්බුදයට ආසන්නතම හේතුව. 1948 සිට 2014 දක්වා ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 14.5ක්. 2018 දී එක දවසින්, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මගින් ඩොලර් බිලියන 12.5ක ණයක් ගත්තාම අපේ විදේශ ණය වාරිකය දෙගුණ වුණා. වාර්ෂික විදේශ ණය වාරිකයේ පොලියෙන් සියයට 73ක් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා ගෙවීමට සිදුව ඇති පොලියයි. මෙතැනින් හටගත් ආර්ථික අර්බුදය තීව්‍ර වීමට පාස්කු ප්‍රහාරය, කොවිඩ් අර්බුදය හා රටට ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අඩුවීමත් බලපෑවා.

රනිල් හාමු හොරකම නතර කරලා ද?

ඔබට මතක ඇති මේ ආර්ථික අර්බුදය උග්‍ර වූ අවස්ථාවේ ඇතැමුන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා හිටියා, ‘මුන් හොරා කනවා. උපයන ආදායම නීත්‍යනුකූල විදියට එවන්න එපා!’ කියලා. නමුත් දැන් කවුරුත් එහෙම කියන්නේ නැහැ. දැන් ‘රනිල් හාමු’ ආවාට පස්සේ හොරා කන එක නතර වෙලා ද?

අදානි වැඩ අරඹයි!

‘අද රටට වෙන්නේ මොකද?’ කියා හිතන්න බැරි තරමට ජනතාව අමාරුවේ වැටිලා ඉන්නේ. ජීවිතය පවත්වා ගැනීම ඉතාමත් දුෂ්කරයි. මේ ආණ්ඩුව ඒ වාසිය තමයි ගනිමින් ඉන්නේ. අද වන විට අදානි කියන ඉන්දියානු ධන කුවේරයාට මන්නාරමින් අක්කර ගණනාවක් ලබා දී තිබෙනවා, සුනිත්‍ය විදුලි බලය නිපදවීමට. අදාළ ගිවිසුම අනුව ඔහු නිපදවන විදුලිය ඒකකයක් වසර 9ක් පුරා, මිල සංශෝධනයකින් තොරව, රුපියල් 50කට ආසන්න මුදලකට ශ්‍රී ලංකා රජය මිලදී ගත යුතුයි. නමුත් අපේ රටේ අය ‘සූර්ය පැනල’ මගින් නිපදවන විදුලිය ඒකකයක් විදුලි බල මණ්ඩලය මිලදී ගන්නේ රුපියල් 16කට ආසන්න ගණනකට. ඉතින් ඉදිරියේදී විදුලි බිල අඩු වෙයි ද? ඒ විතරක් ද? ජාතික ආරක්ෂාව හා තදින් බැඳුණු, ලාභ ලබන, ටෙලිකොම් සමාගම දෙන්න හදන්නේ ඉන්දියානු සමාගමකට. ඒ වගේම විදුලි බල මණ්ඩලයත් කෑලි කඩලා දෙන්න හදන්නේ ඉන්දියානු සමාගම්වලට. ඉදිරියේදී අපේ රටේ ආර්ථික මර්මස්ථාන සියල්ල ඉන්දියානු සමාගම් වළල්ලක් අතට පත්වීමට අවශ්‍ය කටයුතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මේ ආණ්ඩුව සිදුකරගෙන යනවා. ඒ අස්සේ සිදුකරන භයානකම දේ තමයි ‘එට්කා ගිවිසුම’ අත්සන් කිරීම.

හරීන් ‘චූන්’ වුණේ ඇයි?

ඉන්දියාව, දැන් අපට හරි ආදරෙයි කියලා පෙන්වමින් සිටිනවා. ඉන්දියාවේ විදේශ ඇමති සංචාරකයන්ට කියනවා, ‘ඔයාලා සංචාරය සඳහා යනවා නම් ලංකාවට යන්න’ කියලා. ඒකෙන් චූන් වුණු ලංකාවේ සංචාරක ඇමති, ඉන්දියාවට ගිහින් කියනවා, ‘ලංකාව ඉන්දියාවේ කොටසක්’ කියා. එයාට තියෙන්නෙ ප්‍රනාන්දු වාසගමනේ. එහෙම බැලුවාම මේ රට පෘතුගාලයේ කොටසක්. තවත් මේ රටේ තිබෙන වාසගම් බැලුවාම මේ රට ඕලන්දයේත් කොටසක් කියා කිව හැකියි. ‘ලංකාව ඉන්දියාවේ කොටසක්’ කියා හරීන් ප්‍රනාන්දු කියන්නෙ වැරදීමකින් නොවෙයි. එයා දන්නවා ඒක තමයි ඉදිරියේදී වෙන්නේ කියා.

‘අපේ ඉරණම් කතාව’

ඉහත කී ආකාරයට මේ රටේ ආර්ථික මර්මස්ථාන සියල්ලම ඉන්දියානු සමාගම් වළල්ලක් අතට ගියාම, ඉන්දියාවේ මුදල් ඒකකය ශ්‍රී ලංකාව තුළ ව්‍යවහාරික මුදල් ඒකකයක් වුණාම, දෙරටේ රේගු දෙක ඒකාබද්ධ කළාම, ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළවල පාලනය සම්පූර්ණයෙන්ම ඉන්දියාවට දුන්නාම, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පාරක් හදලා භෞතිකවත් ඒකාබද්ධ කළාම, එට්කා ගිවිසුම ගහලා ඉන්දියානුවන්ට මේ රටේ රැකියාවලට සහ වෙළඳාමට නිදහසේ එන්න ඉඩකඩ හදලා දුන්නාම, මේ රටේ මිනිහා තමන්ගේ රටේ වහලකු වෙනවා. අවසානයේ මේ රට ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වෙනවා.

‘ඉන්දියානු සරණං ගච්ඡාමි’

අද එකම දේශපාලන පක්ෂයක්වත් මේ අනතුර පෙන්වා දෙන්නේ නැහැ. ඔක්කොම ඉන්නේ ‘ඉන්දියානු සරණං ගච්ඡාමි’ කියන තැන. ඉන්දියාවේ හිත ‘ඌයියා වෙයි’ කියා ඔවුන් කටක් අරින්නේ නැහැ. ඒ නිසා ආර්ථිකමය වශයෙන් අපිව ‘හොම්බෙන් යවලා’ රටේ ස්වෛරීභාවය ඉන්දියාවට බිල්ලට දෙන එකයි මේ කරන්නේ. වික්‍රමසිංහ මහත්තයා ඒක යස අපූරුවට කරගෙන යනවා. ‘බොරළුගොඩ සිංහයෝ – රාජපක්ෂලා – පොහොට්ටුකාරයෝ ඒකට සාධුකාර දෙනවා.

ඉන්දියානුකරණයට විරුද්ධ වෙමු!

‘මේ අවදානමෙන්, මේ රට ගලවා ගැනීම සඳහා එකට එකතුවෙලා වැඩ කරමු!’ කියන ආරාධනය කිරීමටයි අපි අද ගමින් ගමට එන්නේ. මේක ඉන්දියානුකරණයට ඉඩ දීලා බලා ඉන්න ඕනෙ කාලයක් නොවෙයි. ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්කිරීමේ මෙහෙයුම තමයි අද මේ ‘පක්ෂ – විපක්ෂ’ සියලුදෙනා එකතු වෙලා දියත් කරන්නේ. මේ රටේ ස්වෛරීභාවය වෙනුවෙන් දිවි පිදූ සියලුදෙනා වෙනුවෙන් ඊට එරෙහිව සටන් කිරීමේ වගකීම අපි කාටත් තිබෙනවා.”

ඉහත ජනහමුව අමතා ජාතික නිදහස් පෙරමුණේ අවිස්සාවේල්ල ආසන සංවිධායක, සීතාවකපුර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී චන්දන ලියනගේ සහ ජාතික නිදහස් පෙරමුණේ අවිස්සාවේල්ල ආසන සභාවේ සාමාජික බන්දුල බෝපෙගමගේ යන මහත්තුරු ද අදහස් දැක්වූහ.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Related posts

පැය 72ක් ඇතුලත ලංකාවට ජාත්‍යන්තර ක‍්‍රිකට් තහනමක්…?

Shiran Viraj

56%කින් විදුලිය ගාස්තු ඉහලට.. ?

Shiran Viraj

ඉන්ධන මිල පහත දැමේ.. නව මිල ගණන් මෙන්න…

Shiran Viraj

5 comments

JasonPhate March 5, 2024 at 12:31 am

Представьте себе сайт, который захватывает дух, но и приносит результаты. В PSS-Studio мы создаем сайты, которые гармонично соединяют изысканный дизайн и безупречную функциональность, гарантируя, что ваш бренд будет привлекать внимание в Интернете.

Почему стоит обратиться к нам?

– Особенный дизайн: Отразите характер вашего бренда.
– Гибкость отображения: Превосходное отображение на любом устройстве.
– SEO-оптимизация: Заставьте заметить ваш бренд в результатах поиска.
– Непрерывная помощь: Мы постоянно доступны помочь вам на любом этапе.

Специальное предложение: Запишитесь на бесплатную консультацию и эксклюзивную скидку на наши услуги по разработке сайтов, если напишете нам в течение следующих 48 часов.

Перевоплотите ваше цифровое присутствие прямо сейчас. Зайдите на наш сайт на https://pss-studio.ru/, чтобы выступить на путь к исключительному сайту.

С лучшими пожеланиями, PSS.

Reply
JasonPhate March 5, 2024 at 9:11 am

Представьте себе сайт, который сразу же запоминается, но и способствует вашему росту. В PSS-Studio мы создаем сайты, которые совмещают непревзойденный стиль и превосходную эффективность, гарантируя, что ваш бренд будет привлекать внимание в Интернете.

Почему стоит предпочесть нас?

– Индивидуальный дизайн: Подкрепите идентичность вашего бренда.
– Универсальное представление: Превосходное отображение на любом устройстве.
– Оптимизация под поисковики: Повысьте ваш рейтинг в результатах поиска.
– Всегда на связи: Мы всегда готовы помочь вам на любой стадии.

Специальное предложение: Используйте возможность бесплатной консультации и специальную скидку на наши услуги по разработке сайтов, если напишете нам в течение следующих 48 часов.

Обновите ваше цифровое присутствие сегодня. Ознакомьтесь с нашим предложением на https://pss-studio.ru/, чтобы начать ваше путешествие к исключительному сайту.

С искренними пожеланиями, PSS.

Reply
JasonPhate March 5, 2024 at 11:32 am

Представьте себе сайт, который захватывает дух, но и помогает достигнуть целей. В PSS-Studio мы воплощаем в жизнь сайты, которые совмещают уникальное оформление и отличную функциональность, гарантируя, что ваш бренд будет заметен в Интернете.

Почему стоит предпочесть нас?

– Особенный дизайн: Подкрепите идентичность вашего бренда.
– Универсальное представление: Оптимальный просмотр на любом устройстве.
– Повышение видимости в поиске: Увеличьте вашу видимость в результатах поиска.
– Готовность помочь в любой момент: Мы всегда на связи помочь вам на любой стадии.

Специальное предложение: Запишитесь на бесплатную консультацию и специальную скидку на наши услуги по разработке сайтов, если откликнитесь в течение следующих 48 часов.

Измените ваше цифровое присутствие уже сегодня. Приходите к нам на https://pss-studio.ru/, чтобы начать ваше путешествие к выдающемуся сайту.

С лучшими пожеланиями, PSS.

Reply
JasonPhate March 5, 2024 at 11:38 am

Представьте себе сайт, который вызывает интерес, но и приносит результаты. В PSS-Studio мы создаем сайты, которые интегрируют изысканный дизайн и превосходную эффективность, гарантируя, что ваш бренд будет бросаться в глаза в Интернете.

Почему стоит рассмотреть наше предложение?

– Персонализированный дизайн: Подчеркните уникальность вашего бренда.
– Мобильная адаптация: Оптимальный просмотр на любом устройстве.
– Повышение видимости в поиске: Повысьте ваш рейтинг в результатах поиска.
– Постоянная поддержка: Мы всегда рады помочь вам на каждом этапе.

Специальное предложение: Запишитесь на бесплатную консультацию и эксклюзивную скидку на наши услуги по разработке сайтов, если дадите обратную связь в течение следующих 48 часов.

Преобразите ваше цифровое присутствие уже сегодня. Зайдите на наш сайт на https://pss-studio.ru/, чтобы пройти путь к впечатляющему сайту.

С лучшими пожеланиями, PSS.

Reply
JasonPhate March 5, 2024 at 12:23 pm

Представьте себе сайт, который захватывает дух, но и приносит результаты. В PSS-Studio мы воплощаем в жизнь сайты, которые гармонично соединяют привлекательный внешний вид и безупречную функциональность, гарантируя, что ваш бренд будет привлекать внимание в Интернете.

Почему стоит довериться нам?

– Эксклюзивный дизайн: Отразите характер вашего бренда.
– Отзывчивый дизайн: Оптимальный просмотр на любом устройстве.
– Повышение видимости в поиске: Заставьте заметить ваш бренд в результатах поиска.
– Непрерывная помощь: Мы всегда к вашим услугам помочь вам на любом этапе.

Специальное предложение: Приглашаем на бесплатную консультацию и специальную скидку на наши услуги по разработке сайтов, если откликнитесь в течение следующих 48 часов.

Трансформируйте ваше цифровое присутствие сегодня. Ознакомьтесь с нашим предложением на https://pss-studio.ru/, чтобы отправиться в путешествие к выдающемуся сайту.

С теплыми пожеланиями, PSS.

Reply

Leave a Comment