31.7 C
Colombo
February 26, 2026
BusinessBusiness NewsNews

VAT සෙකන්ඩ් හෑන්ඩ් වාහනවලටත්.. වාහන මිල වේගයෙන් ඉහලට..

මෙරට භාවිතා කරන ලද මෝටර් රථ සඳහා VAT බද්ද එකතුවීම හේතුවෙන් කළු කඩ වෙළඳපොලක් නිර්මාණය වී ඇතැයි වාහන ආනයනකරුවන් කියා සිටියි.

මේ හේතුවෙන් භාවිතා කරන ලද වාහන වල මිල අධික ලෙස ඉහළ යමින් ඇති බව සිලොන් මෝටර් ටේ‍්‍රඩර්ස් සංගමය සඳහන් කරයි.

ඇති වී තිබෙන තත්ත්වය මත භාවිතා කළ වාහන අලෙවි කිරීමෙන් නීත්‍යානුකූල සමාගම්වලට සම්පූර්ණයෙන් ඉවත්වීමට සිදුවනු ඇති බවත් එමඟින් රජයට මෙතෙක් ලැබෙමින් තිබූ බදු ආදායමද අහිමි වනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

වසර හතරක පමණ කාලයක් තිස්සේ වාහන ආනයනය අත්හිටුවා තිබීම හේතුවෙන් පහළොස් දහසකට අධික ප්‍රමාණයක් රැකියා අහිමිවී ඇති බවත් මෝටර් රථ කර්මාන්තය තවදුරටත් කඩාවැටීමට ලක්ව ඇති බවත් සංගමය සදහන් කරයි.

Related posts

ඇස්ට්‍රාසෙනිකා ආ සැනින් එන්නත් කිරීමට ශ්‍රී ලංකාව සූදානම්

Maimoonar

ආපදා සහන මෙහෙයුම් වේගවත් කරයි! වියළි ආහාර දීමනාව රු. 10,500 දක්වා ඉහළට; අමාත්‍යාංශවලට විශේෂ මූල්‍ය බලතල

Maimoonar

ලංකාවට GSP+ද අහිමි වෙයි…?

Maimoonar

187 comments

Comments are closed.