Local NewsNews

වාහන පවරා නොගෙන භාවිතා කරන්නන්ට දඩ…

වාහන මිලට ගෙන තමන්ගේ නමට ලියාපදිංචි නොකර භාවිතා කරන පුද්ලයන්ගෙන් දඩ මුදලක් අය කිරීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා සඳහන් කරයි.

ඒ අනුව වාහනයක් මිලදීගෙන දින 14 ක් එකත් ඇතුළත ලියාපදිංචි කළ යුතු බවත් ඉන් අනතුරුව සෑම දිනයක් සඳහාම රුපියල් සියයක දඩ මුදලක් අය කරන බවත් හෙතෙම පැවසීය.

මාර්ග නීති කඩ කරන රියදුරන් මාර්ගවල ස්ථාපිත කැමරා පද්ධති හරහා හදුනාගෙන දඩ පැනවීමේදී වාහන ලියාපදිංචි පුද්ගලයාට දඩ නියම වන බවද පැවසූ ඔහු ඒ යටතේ පැවරීම් කර නැති වාහන විශාල ප්‍රමාණයක් හඳුනා ගැනීමට හැකි වනු ඇතැයි ද කියා සිටියේය.

Related posts

වනාතවිල්ලුව වන විනාශයේ වගකීම භූමිය බදු ගත් සමාගම භාරගනී

Maimoonar

ඇති තරම් ඉන්ධන තියෙනවා.. ජනතාව පෝලිමේ ඉන්නෙ අපරාදෙ.. මාත් තෙල් ගැහුවෙ පෝලිමේ ගිහින්…

Maimoonar

වරාය නගරයේ ක‍්‍රිප්ටොකරන්සි භාවිතයට අවසර….

Maimoonar