27.8 C
Colombo
February 26, 2026
Local NewsNews

‘යුක්තිය’ මගින් නීති නොකඩනු.. මානව හිමිකම් රකිනු..- පොලිස් කොමිසම දේශබන්දුට දන්වයි..

යුක්තිය මෙහෙයුමේ ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ජාතික පොලිස් කොමිසම විසින් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලිපියක් යොමු කර ඇත.

එම මෙහෙයුම ක්‍රියාත්මක වන ආකාරය ගැන පළවන මාධ්‍ය වාර්තා පිළිබඳව ද පුද්ගලයන්ගෙන් එල්වන පැමිණි පිළිබඳවද වැඩ බලන පොලිස්පතිවරයාගේ අවධානය යොමු කරවමින් එම ලිපිය යවා තිබේ.

යුක්තිය මෙහෙයුම රටේ පවතින නීතිරීති රාමුව තුළ නීතිය නිසි ක්‍රියාදාමය අනුගමනය කරමින් ක්‍රියාත්මක කරන ලෙසද මෙම ලිපිය මගින් දැනුම් දී තිබේ.

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන අයුරින් හැසිරෙමින් මෙහෙයුම ක්‍රියාත්මක කරනැයි සියලුම නිලධාරීන්ට උපදෙස් දෙන ලෙසද පොලිස් කොමිසම දැනුම්දී ඇත.

Related posts

කැනඩාවේ ඉතිහාසය ලියූ ශ්‍රී ලාංකික අභිමානය: ෆැලෝන් ශිලාන්ති Mrs. Canada World කිරුළ දිනයි

Maimoonar

එකතු වෙමු කිව්වාම එකතු වුණේ නෑ ෆ්ලෑෂ් බැක් රොෂාන්

Maimoonar

කොරෝනා පාලනයට අසමත්.. ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය දකුණු අප‍්‍රිකාව අත්හිටුවයි.. ලංකාවේද භාවිත කරන්නේ එම එන්නතයි..

Maimoonar