28 C
Colombo
July 9, 2024
Business Business News News

මිනිසුන්ට නුසුදුසු සහල් තොගයක් වෙලදපලට.. ආනයනකරු සුදුලූණු වංචා සමාගම…

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් මුදා හැරීමට පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලය අනුමැතිය දීමේ සූදානමක්! පාරිභෝගික ජීවිත අනතුරේ

මහා පරිමාණ සුදුලූණු වංචාව සිදුකල සමාගම විසින් මෙරටට ආනයනය කරන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් වරායෙන් මුදා ගැනීම සදහා අනුමැතිය ලබා දීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලය අද දින 2024/01/19 දින හදිසියේ කැදවා ඇත. මෙම මස 29 දිනට ආසන්න දිනකදී කැදවීමට නියමිතව තිබූ පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලය අද දින කැදවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අදාල සමාගමට එම සහල් තොගය මුදා ගැනීම සදහා සහයෝගය ලබා දීමට බව අප සංවිධානය විසින් කරන ලද සොයා බැලීමකදී තහවුරු විය.

සත්ව ආහාර සදහා ලබා දීමට මුවා වී අදාල සහල් තොග මුදා ගෙන එම සහල් වෙළදපොලේ ඇති සහල් සමග කවලම් කර අලෙවි කරන ජාවාරම්කරුවන් අදාල සිදුවීම පිටුපස සිටින බවට අප සංවිධානය සැක කරන අතර සත්ව ආහාර සදහා මීට පෙරද එලෙසම සහල් මුදාගෙන ඇති පළපුරුදු තැරැව්කරුවෙකු පාරිභෝගික කටයුතු අධිකාරියේ සාමාජිකයෙකු සමග එකතු වී මෙම ජාවාරම සිදු කරන බවට සැකයක් අප තුළ ඇති වී ඇත.

මෙරට පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති එකම ආයතනය වන පාරිභෝගික කටයුතු අධිකාරිය මෙලෙස අනීතික ආකාරයට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අපගේ දැඩි විරෝධය පළ කරන අතර ලක්ෂ සංඛ්‍යාත පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව නොතකමින් කිහිපදෙනෙකුගේ බඩගෝස්තරය රැක ගැනීම සදහා කටයුතු කිරීම සම්බන්ධයේන නීතිඥයෙකුද වන පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපතිවරයා ලැජ්ජා විය යුතුය.

දිනකට විශාල පිරිසක් පිළිකාවට ගොදුරු වී අපා දුක් විදිද්දී රාජ්‍ය ආයතනයක සේවය කරමින් ජනතාවගේ මුදලින් නඩත්තුවන පාරිභෝගික කටයුතු අධිකාරියේ සාමාජිකයින්හට අපට පැවැසීමට ඇත්තේ මෙවැනි ක්‍රියාවලට අනුමැතිය ලබා දෙන්නේ නම් පසුව කණගාටුවීමට සිදුවන බවය.

සත්ව ආහාර සදහා සහල් ලබා දීම තහනම් කරමින් ගැසට්පත්‍රයක් ද නිකුත් කර ඇති අවස්ථාවක හා කිසිම හේතුවක් මත සහල් වෙනත් කාර්යයන් සදහා යොදා ගැනීම නොකල යුතු බවට වෙළද අමාත්‍යාංශය විසින් ලිඛිතව දන්වා සිටියදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් මෙම සහල් තොගය මුදා ගැනීම සදහා අවසරය ලබා දීමට කටයුතු කරන්නේ නම් එම ගණුදෙනුව පිළිබදව සාධාරණ සැකයක් ඇතිවීම වැලැක්විය නොහැක.

අප සංවිධානය රජයෙන් ඉල්ලා සිටින්නේ මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් වෙළදපොලතුළට මුදා හැරීම සදහා කිසිසේත්ම අවසරය ලබා නොදෙන ලෙසය. එසේ මුදාහල සහල් මීට ඉහතදී වෙනත් සහල් සමග කවලම් කල අලෙවි කිරීමේ ජාවාරම් පසුගිය කාලය පුරා ක්‍රියාත්මක වූ අවස්ථා පිළිබදව අප රජයේ අවධානය යොමු කරමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Related posts

තරුණියක් කෙහෙළියගේ උපදේශක හිමි මත් කර ලක්ෂ 72ක් අරන් පලා යයි…

Shiran Viraj

ගෑස් මිල විශාල ලෙස අඩු කරයි… නව මිල ගණන් මෙන්න..

Shiran Viraj

බැංකුවල මහජන තැන්පතු ගැන මහබැංකු අධිපතිගෙන් නිවේදනයක්..

Shiran Viraj

Leave a Comment