Local NewsNews

පාසල් නිවාඩුව තවත් දිගු කරයි..

2023 වසරේ පාසල් 03 වන වාරයේ දෙවන අදියර ලබන 05 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්පෙල විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය ලබන 01 වැනිදා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කිරීම හේතුවෙනි.

2023 වසරේ 03 වන පාසල් වාරයේ දෙවන අදියර ලබන 01 වැනිදා ආරම්භ කිරීමට මීට පෙර අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබිණි.

උසස් පෙළ කෘෂි විද්‍යාව එක සහ දෙක ප්‍රශ්න පත්‍ර වල ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටවීම හේතුවෙන් නැවත පැවැත්වීමට තීරණය කෙරිණි.

ඒ අනුව උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස පෙබරවාරි 01 වනදා උදෑසන 08.30 සිට 11.40 දක්වා පැවැත්වීමට නියමිත අතර එහි පළමු කොටස එදිනම පස්වරු 01.00 සිට 03.00 දක්වා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

නියත වශයෙන්ම අපට ලෝකයේ ධනවත්ම රට බවට පත්විය නොහැකියි..- ජනපති

Maimoonar

කොරෝනා පාලනයට බරපතල තත්වයක්.. යන්ත‍්‍රයක් අක‍්‍රීය වෙයි.. PCR ප‍්‍රථිඵල හිරවෙයි..

Maimoonar

කොරෝනා 1028 දක්වා ඉහලට..

Maimoonar