27.8 C
Colombo
February 26, 2026
BusinessBusiness NewsNews

ටින් අංකය හදන්න 10,000ක් ගෙවන්න වෙලා..

ආදායම නැති පුද්ගලයෙකු උවත් ටින් අංකය ලබාගත් පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා එන පෝරමය පිරවීමට සාමාන්‍ය පුද්ගලයෙකුට නොහැකි වන අතර ඒ සදහා ආධායම් බදු උපදේශකයෙකුගේ සහය ලබාගත යුතුබවත් ඒ සදහා එක් අයෙකු අඩුම තරමේ රුපියල් දසදහසකවත් මුදලක් බදු සෑදීම සදහා ගෙවිය යුතු බවත් පූජ්‍ය ඕමල්පේ හිමියන් පවසයි.

කෙසේ උවද මේ සම්බන්ධයෙන් මෙවැනි කාරණාවලදී විරෝධතා දැක්වු ඇතැම් පිරිස් නිහඩව ඉන්නේ මන්දැයි ප්‍රශ්නයක් ඇති බව උන් වහන්සේ කීය.

කෙසේ වෙතත් මෙම ටින් අංකය තරුණයින් විසින් වර්ජනය කල යුතු බවද තවදුරටත් ඕමල්පේ සෝභිත හිමියන් කීය.

ඇඹිලිපිටිය බෝධිරාජ විහාරස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහිමියන් මෙම අදහස් පල කලහ.

– ප්‍රගීත් ජනක

Related posts

වසර 16කට ඊයේ හිරේ ගිය SM අදම ඇප ඉල්ලයි.. නිදොස් කර නිදහස් කරන්නැයි අභියාචනයක්…

Maimoonar

ජනපති ගෝලීය එන්නත් සමුළුව අමතයි

Maimoonar

නව වසර උදාවත් සමඟ නවගමුව, මරදන්කේණි සහ අගලවත්ත ප්‍රදේශවලින් ඝාතන සිද්ධීන් වාර්තා වෙයි

Maimoonar