NewsPolitical

අපි රට ගොඩගන්න තව වැඩපිලිවෙලක් හැදුවා.. අවුරුදු පහෙන් ගොඩගන්නවා..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් රට හදන නව වැඩපිළිවෙළ එළැඹෙන 15 වැනිදා රටට ඉදිරිපත් කරන බව එම පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එළැඹෙන 2024 වර්ෂයේ මැතිවරණ රැසක් පැවැත්වෙන නිසා ඊට අදාළ පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙළ ඉදිරිපත් කරන බවද හෙතෙම පැවසීය.

ඉදිරි වසර 5 ක් සඳහා රට ගොඩනැගීම පිළිබඳ වැඩසටහනක් පක්ෂය විසින් නිර්මාණය කර ඇතැයි ද පැවසූ ඔහු ඊට ගැළපෙන තවත් යෝජනා එළඹෙන 15 වනදා කොළඹ පවත්වන පක්ෂයේ ජාතික සම්මේලනය දී ලබාගන්නා බවද කියා සිටියේය.

පොදුජන පෙරමුණේ දෙවැනි ජාතික සම්මේලනය කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී 15 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

Related posts

එංගලන්ත-ද.අප්‍රිකා පළමු විස්සයි 20 එක් ලකුණක තියුණු ජයකින් නිම වෙයි

Maimoonar

ප‍්‍රසිද්ද පාසලක විදුහල්පතිනිය වසර 25 ක් එම පාසලේ..

Maimoonar

සුමන්තිරන්ගේ ආරක්‍ෂක සෙබලෙක් වෙඩි තබාගෙන දිවි නසාගනී…

Maimoonar