NewsSportsSports News

මෙවර ලෝක කුසලානය ගේන්න බැරිවුනේ ලෙජන්ඩ් නාකියා නිසා..- ෂම්මි

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑමට ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු පිරිසගේ බලපෑම හේතු වූ බව ක්‍රිකට් ආයතන සභාපති ෂම්මි සිල්වා මහතා සඳහන් කරයි.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෙජන්ඩ් තමන් යයි සිතාගෙන සිටින නාකි අයෙකු විසින් ද මෙම මේ සඳහා මැදිහත් වූ බවද ඔහු කියා සිටියි.

එම නාකි ලෙජන්ඩ්ට වුවමනා වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළට රිංගා එහි සියල්ල කා දැමීම බවටත් ඔහු චෝදනා කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් නැවත කිසිදිනක ලෝක කුසලානයක් ජයග්‍රහණය කරනවට එම ලෙජන්ඩ් කැමති නැති බව ඔහු කියා සිටී.

මෙවර ලෝක කුසලාන සංචිතයට දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග නම් කර යැවුවද අමාත්‍යාංශයෙන් එයට අනුමැතිය නොදුන් බවත් මෙම ලෙජන්ඩ් ඒ සඳහා දැඩිව බලපෑම් කර තිබූ බවත් ඔහු චෝදනා කළේය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරව ලදී.

Related posts

රාජ්‍ය බැංකුවක සෙප්පුවක තිබු කෝටි 15ක මැණික් ගෙන යාමට එරෙහිව ප්‍රදේශවාසින් විරෝධතා…

Maimoonar

එජාපයේ හදිසි සාකච්චාවක්… ලොක්කන් රැසක් ඉවත් වෙයි..

Maimoonar

සජිත්ගේ ඉංග‍්‍රිසි පණිවුඩය රටත් හිනස්සා ලෝකයත් හිනස්සයි.. මහ රැජිනට හෝ ට‍්‍රම්ප්ට තේරුම් ගන්න බෑ.. උසුලු විසිලුවලින් සමාජ ජාලා පිරේ..

Maimoonar