Local NewsNews

නොරොච්චෝල හා කැලණිතිස්ස එකවර නවතී..

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රයක් හදිසි බිඳ වැටීමකට ලක්ව තිබේ.

එහෙම යන්ත්‍රයේ අධි පීඩන හීටර් පද්ධතියේ ඇති වූ දෝෂයක් මතයි.

මෙම යන්ත‍්‍රය අක්‍රීය වීමත් සමග ජාතික පද්ධතියට මෙගා වොට් 300 ක පමණ ධාරිතාවක් අහිමි වෙයි.

මේ අතර 165 ක ධාරිතාවකින් යුත් කැළණිතිස්ස ඒකාබද්ධ චක්‍රීය බලාගාරය ද නඩත්තු කටයුතු සඳහා අද දින සිට වසා දමා තිබේ. එහි නඩත්තු කටයුතු සඳහා සති හයක කාලයක් ගතවනු ඇතැයි ද මණ්ඩලය සඳහන් කරයි.

කෙසේ වෙතත් ජල විදුලි බලාගාර උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන නිසා මේ හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු නොවන බව ද විදුලිබල මණ්ඩලය කියා සිටී.

Related posts

අනුර දිසානායකට සහාය දෙන්න මන්ත‍්‍රීවරයෙක් ස්වාධීන වෙයි..

Maimoonar

අදානිට ජනපති අනුරගෙන් දැඩි ප‍්‍රහාරයක්..

Maimoonar

මැතිවරණය 20 තියන්න බෑ.. සෞඛ්‍ය නිර්දේශඅත්‍යවශ්‍යයි..- මැකො ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි..

Maimoonar