News Sports Sports News

අර්ජුන අතුරු කමිටු සභාපති කලාට ජවිපෙ විරෝධය..

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගැසට් කරන ලද ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස අර්ජුන රණතුංග මහතා පත් නොකළ යුතුව තිබූ බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

ක‍්‍රිකට් පරිපාලනය සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට ගෙන ඇති පියවර අගය කරන නමුත් ඊට පත්කළ සාමාජිකයන් පිළිබඳ ඔහු සිය කණස්සල්ල පළ කෙළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන විවාදය අමතමින් ඔහු මේ බව පැවසීය.

මීට පෙර පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට තරග කළ බව පවසමින් අර්ජුන රණතුංග මහතා අතුරු කමිටු සභාපති ධුරයට පත් කිරීම නොකළ යුත්තක් බව ද ඔහු කියා සිටියේය.

ඊට අමතරව අතුරු කමිටු සාමාජිකයන් ලෙස විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා, ආණ්ඩුකාර මුසම්මිල් මහතාගේ පුත්‍රයා සහ උපාලි ධර්මදාස යන අය පත් කළේ මන්දැයි ඔහු ප්‍රශ්න කරන ලදී.

2010 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ, අර්ජුන රණතුංග මහතා එක්ම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් තරග කලේය.

Related posts

වෙලදුන් භාණ්ඩ හිඟයක් මවමින් මිල ඉහළ නංවනවා.. අත්‍යාවශ්‍ය ආහාර තොග පවත්වාගෙන යන්න..- ජනපති

Shiran Viraj

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණයක් ගැනීමට යයි

Shiran Viraj

අවසන් කොරෝනා ආසාදිතයන් 10 ගැන තොරතුරු මෙන්න…

Shiran Viraj