News Political

අයවැයෙන් රට නිවැරදි මාර්ගයට යොමු කර තිබෙනවා…

අඳුරට හෙන ගහපන් කිය කියා ඉල්ලන්නේ නැතිව සියලු දෙන එකට එකතු වෙලා ආලෝකය දල්වා රට යළි ගොඩනගා ජනතාවගේ ජීවන බර අඩු කළ යුතු යැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.

රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ, කොළඹ, වැල්ලම්පිටිය වේරගොඩ විද්‍යාලයේ සිසුවියක මියයෑම පිළිබඳව සොයා බැලීම සඳහා එම විදුහලේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේ දී ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

එම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව රවී කරුණානායක මහතා බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ, පාසලේ ප්‍රමිතියකින් තොරව ඉදිකර තිබෙන සියලු ඉදිකිරීම් ප්‍රමිතියකින් යුක්තව ඉදිකිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසය.

මීට අමතරව පාසලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ  වැඩ පිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමටද මෙහිදී පියවර ගත්ත.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙසේ ද කීය.

“මේ රටට අමාරු කාලයක්…මීට මාස 17ක ට කලින් මේ රටේ ආර්ථිකය කඩා වැටී ජනතාව අන්ත අසරණ වී සිටියා. තෙල්, ගෑස්, විදුලිය සහ පොහොර ඇතුළු කිසිවක් තිබුණේ නැහැ. පෝලිම් යුගයක්…එදා සිට මේ දක්වා වූ කාලය ඇතුළත රට යථා තත්ත්වයට පත්ව තිබෙන බව අප කවුරුත් පිළි ගත යුතුයි. නමුත් ජන ජීවිතය තවමත් අමාරුයි. ඒක ඇත්ත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අයවැය ඉදිරිපත් කළේ ඉතා අමාරු කාලයක අමාරු තත්ත්වයක බව කවුරුත් පිළි ගත යුතුයි. මේ අයවැයෙන් රට නිවැරදි මාර්ගයට යොමු කර තිබෙනවා. එම නිසා අඳුරට හෙන ගහපන් කිය කියා ඉල්ලන්නේ නැතිව අප සියලු දෙන එකට එකතු වෙලා ආලෝකය දැල් විය යුතුයි.

රට වට්ටුවේ එක කණ්ඩායමක්…නමුත් රට ගොඩනගන්න තිබෙන්නේ තව කණ්ඩායමකට. ජනතාව සිතන්නේ වැඩ කරන්නේ, මහන්සි වන්නේ සහ වැඩ කරන්නේ ඒ අය විතරයි කියායි. ඒ කතාව නිවැරදි විය යුතුයි. අප සියලු දෙනා එකට එක් විය යුතුයි. ජනතාව වෙනුවෙන් සුරක්ෂිත වන වැඩ පිළිවෙළක් අප ඇති කළ යුතුයි. සියලු දෙනා මහන්සි වෙලා ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. හැම දේම නොමිලයේ ලබා දීමෙන් රටක් ගොඩනගන්න බැහැ.

රජයේ සේවයේ ලක්ෂ 17ක් විතර සිටිනවා. පුද්ගලික අංශයේ තව ලක්ෂ 60ක් විතර සිටිනවා. මේ සියලු දෙනා එකට ජීවත් විය යුතුයි. ජීවන වියදම සියලු දෙනාට පොදුයි. ආර්ථිකය කඩා වැටී තිබෙන අවස්ථාවක යථා තත්ත්වයට පත් කිරීම පහසු නැහැ. ආර්ථිකය යළි ගොඩනගා ජනතාවගේ ජීවන බර අඩු කළ හැක්කේ ආර්ථික ප්‍රසාරණය කිරීමෙන් පමණයි. අපනයනය වැඩි කර ණය බර තාවය අඩු කළ යුතුයි.”

– Media unit

Related posts

හමුදා භාරයේ සිටි මාලි ජනපති ඉල්ලා අස් වෙයි

Shiran Viraj

අලුගෝසු තනතුරට ඉල්ලුම් කිරීම අදින් අවසන් – විදේශීය ජාතිකයෙකුට තනතුර ලබා දෙන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැරසෙයි

Shiran Viraj

බන්ධනාගාර කොරෝනා සදහා සූදානම් කෙරේ..

Shiran Viraj