NewsPolitical

රනිල් එජාප බලය අතහරී.. එජාපයට නායකත්ව මණ්ඩලයක්..

එක්සත් ජාතික පක්ෂය සඳහා නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

තමන්ට ජනාධිපති ධුරයේ රාජකාරී බොහෝ වීම මත පක්ෂයේ කටයුතු සිදුකරගෙන යෑම සඳහා වැඩි කාලයක් ගත කිරීමට නොහැකි වීමෙන් මෙසේ දෙවන පෙළ නායකයන් මණ්ඩලයක් පිහිටුවීමට තීරණය තීරණය කර ඇත.

පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් හමුවේ දී ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත.

සමාන බලතල ඇති නායකත්ව මණ්ඩලයක් පිහිටුවා සැබෑ නායකයන්ට ඉදිරියට පැමිණීමට හැකිවන ලෙස කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

ඒ අනුව එළඹෙන මාසයේ පැවැත්වෙන පක්ෂ සම්මේලනයේදී මෙම යෝජනාව සම්මත කර ගැනීමට නියමිතව තිබේ.

Related posts

පෙට්ට්‍රල් 19කින්, ඩීසල් 52කින් මිල වැඩි කල යුතුයි.. නැතොත් ඉන්ධන ගේන්න සල්ලි නෑ..- ගම්මන්පිල..

Maimoonar

අරක්කු දුම්වැටි මිල ඉහලට.. නව මිල ගණන් මෙන්න…

Maimoonar

සපුගස්කන්ද වැසීමෙන් ගෑස් නිෂ්පාදනය නවතී… ගෑස් හිගයට තවත් බලපෑම්..

Maimoonar

1 comment

Comments are closed.