January 29, 2026
Local NewsNews

කොළඹ හතේ ඩිෆෙන්ඩර් කෙල්ලන් රංචුවක් අත්අඩංගුවට..

කොළඹ උසස් බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය සඳහන් කරන්නේ ඔවුන් ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් පොලිස් අණ නොතකා පැදවීම මත මෙසේ අත්අඩංගුවට ගත් බවයි.

නාවල හා කොළඹ ප්‍රදේශයේ පදිංචි සිසුවියන් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මරදාන ඩීන්ස් පාරේ දී, මරදාන ටෙක්නිකල් හන්දිය ආසන්නයේදී, මරදාන කැලෑ පොල අසලදීත් ඔවුන්ට රථය නවත්තන්නැයි පොලිසිය සංඥා කර ඇතත් ඔවුන් එම අණ නොතකා ධාවනය කර තිබේ.

ඒ අනුව පොලිසිය ඔවුන්ගේ රථය පසුපස හඹා ගොස් එය නවත්වා ගැනීමට කටයුතු කර ඇති අතර එහිදී පොලීසිය හා තරුණියන් පිරිස අතර බහින්බස් වීමක් සිදුව ඇත.

පසුව තරුණියන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක කොරෝනා රෝගීන් වැස්සෙන් දැඩි පීඩා.. නොතෙමෙන තැන්වලට එක් වෙති..

Maimoonar

ලාබාල ප‍්‍රවීන්ගේ පලමු තරගයේදීම බංගලාදේශය දගකවා දමයි.. ලංකාවට විශිෂ්ඨ ජයක්.. තරගයේ වීරයා ඔහුයි..

Maimoonar

රග්බි ලෝක කුසලානය වෙනුවෙන් තරග කිහිපයක් අදත්

Maimoonar