BusinessBusiness NewsNews

කිරිපිටි ආනයනය නවතයි…

එළඹෙන 2024 වසර වනවිට කිරිපිටි ආනයනය නතර කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ මෙරට කිරි අවශ්‍යතාවය සපුරාලීමට කිරිපිටි ආනයනය සඳහා සෑම වසරකදීම ඇමරිකානු ඩොලර් මිලියන හයසියයකට වැඩි මුදලක් වැය වන බවයි.

දේශීය කිරි කර්මාන්තය දියුණු කිරීහ මගින් රට තුළම අවශ්‍ය කිරි ප්‍රමාණය නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව පවතින බවද ඇමැතිවරයා පැවසීය.

දැනට මෙරට තුළ කිරි නිෂ්පාදනය කරන්නේ සමස්ත අවශ්‍යතාවයෙන් සියයට හතළිස් දෙකක් පමණක් වන අතර මෙරට ඉල්ලුම සපුරාලීම සඳහා වාර්ෂිකව කිරි ලීටර මිලියන 750ක් අවශ්‍ය වෙයි.

Related posts

බයනම් ගෙදර යන්න – ලියුම්වලට මම අත්සන් කරන්නම්..- ඇමති අර්ජුන සැරවෙයි

Maimoonar

අවට සල්ලි තියෙන අයගෙන් ආධාර එකතු කරලා සියළු පාසල් නඩත්තු කරනවා…

Maimoonar

කථානායකට කළ ප්‍රකාශය මන්ත්‍රී රෝහිණී කවිරත්න ඉල්ලා අස්කර ගනී: “කථානායකවරයා අන්ත ලෙස ක්‍රියා කළා”

Maimoonar

1 comment

Comments are closed.